Header Ads

Breaking News
recent

ජනපි‍්‍රිය නළුවෙකුට කොරෝනා - හෙදියක් වන බිරිදටත් කොරෝනා - ජනප‍්‍රියම නළු නිළියන් 14කට කොරෝනා.


කෑගල්ල මහ රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කරන්නේ මෙම හෙද නිලධාරිනියගේ සැමියා ජනප්‍රිය රංගන ශිල්පියකු බවත් ඔහු කොරෝනා ආසාදිතයකු යයි හෙළිවී ඇති බවත්ය.

හෙද නිලධාරිනියට වෛරසය ඔහුගෙන් ආසාදනය වන්නට ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට එම රංගන ශිල්පියා හා බිරිද ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

හෙද නිලධාරිනිය ගේ සමීප ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.

මේ අතර මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Powered by Blogger.