Header Ads

Breaking News
recent

රැදවියන් 600කට ජනපති සමාව - පෝරකයට ගිය අය ගැනත් සලකා බැලීමක්‌ !

සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින රැඳවියන් 700කට පමණ ජනපති පොදු සමාව හිමිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එම ජනපති පොදු සමාවට අදාළ ලිපිය ඊයේ (27) වැනිදා දින බන්ධනාගාර මූලස්ථානයට ලැබී ඇතැයි වාර්තා වේ.

බරපතළ වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විඳින රැඳවියන් කිසිවෙකුටත් මෙම සමාව හිමිනොවනු ඇති බව ඒ මහතා සඳහන් කරයි.

පෝරකයට ගිය අයටත් සලකා බැලීමක්‌

මරණීය දණ්ඩනය හිමිවී වසර 20ක කාලයක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්හට ජීවිත සමාවක් ලබාදී ඔවුන්ව ජීවිතාන්ත සිරදඬුවම් ලබන අය බවට පත් කිරීමටත් වසර 25ක කාලයක් ජීවිතාන්ත සිරදඬුවම් විඳින රැඳවියන් සාමාන්‍ය සිරකරුවන් තත්ත්වයට පත්කර සමාවක් ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් යෝයජනාවක් කර තිබේ.
 
මෙම පොදු සමාව හිමිවීමේදී කිසිසේත්ම මත්කුඩු චෝදනාවලට සහ පාතාල අපරාධ සඳහා දඬුවම් විඳින අයට කිසිදු සමාවක් ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නඩු ඉක්මන් කරන්නැයි ඉල්ලා විරෝධතාවකයක්

තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර 2ක රැඳවියන් පිරිසක් ඊයේ (27) වැනිදා විරෝධතාවයක නිරත විණි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් හත්දෙනෙකු මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.


No comments:

Powered by Blogger.