අපි පන්නපු 8 දෙනා ගැන කතානායක මුකුත් කියන්නේ නැහැ - කිරිඇල්ල
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවත් සමඟ ජන්දය දුන් සමඟි ජන බලවේගයේ 8 දෙනා සමඟින් තමා කතානායකවරයාට යැවූ ලිපියට තවමත් පිළිතුරු නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ඒ ආණ්ඩුව සමග ජන්දය දුන් ඔවුන් 8 දෙනා සමඟි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කර ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ වෙනම ආසන පනවන ලෙස ඉල්ලමින් කිරිඇල්ල මහතා කතනයකවරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය කුමක් දැයි යැයි යන්න විමසු අවස්ථාවේදීය.
ඉකුත් නොවැම්බර් 3 වනදා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඉතා සුළු වෙලාවකට පාර්ලිමේන්තුව පැවැත්වූ නිසා කතානායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් තමා ද ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසුවේ නැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
20ට පක්ෂව දුන් සමගී ජන බලවේගයේ 08 දෙනා ආණ්ඩුවේම කොටසක් බැවින් ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවිය යුතු බවත් ඔවුන්ට කතා කිරීමට අවශ්‍ය කාලය ආණ්ඩු පක්ෂයෙන් ලබා දිය යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
ඒෂියන් මිරර්
No comments: