Header Ads

Breaking News
recent

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියා පැන යද්දී අල්ලයි


වාලච්චේනි පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැනයමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබුණා.

කොවිඩ් -19 අවදානම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින පිරිස් පැන යන්නේ මානසික ආතතිය හේතුවෙන් නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

“රැකියාවට බැඳෙනකොට හොඳ මානසික තත්ත්වයක් තියෙනවා. නමුත් පහු වෙනකොට යම් යම් හේතුමත වෙනස් වෙනවා. ඇතැම් වෙලාවට මෙවැනි අය ඉන්නවා. ඉතින් ඔහු එවැනි පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. මීට පෙරත් එවැනි අයෙක් කළුතරදී අපි අත්අඩංගුවට ගත්තා. නිරෝධානය මධ්‍යස්ථානවලින් පැනගිය අය 05 දෙනෙකු විතර ඉන්නවා මේ කාලය තුළ. නිරෝධායන මධ්‍යස්ථානවලින් පැන ගිය සාමාන්‍ය අයට ලිහිල් ලෙස කටයුතු කරනවා. නමුත් පොලිස් නිලධාරියෙකුට අපි ඒ තත්ත්වයෙන් සළකන්නේ නෑ. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා,” යනුවෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

No comments:

Powered by Blogger.