Header Ads

Breaking News
recent

තොරතුරු දැන ගැනීමේ හා අදහස් පළකිරීමේ අයිතියට යළිත් බාධා - කරු ජයසූරිය

නතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ කතා කිරීමේ, අදහස් පළකිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට යළිත් බාධා සිදුවෙමින් පවතින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසනවා. මෙම තත්වය හමුවේ යළිත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වීමේ අවදානමක් මතුව තිබෙන බවයි අද (26) එම සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සභාපතිවරයා සඳහන් කළේ.

විශේෂයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කරුණු දැක්වූ මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයන්ට පවා බලපෑම් කරන තත්වයට මෙම ගැටලුව දුරදිග ගොස් ඇති බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ එවැනි තත්වයක් තුළ සාමාන්‍ය ජනතාවට, මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරිකයන්ට කටවල් වසාගෙන සිටීමට බලපෑම් කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පිළිබඳව නව නීති ගෙන එන බව රජයේ ඇමතිවරුන් විසින්ම ප්‍රකාශ කරන බවත් මේ හරහා යළි මාධ්‍ය දඩයම ආරම්භ කරන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇති බවද කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව යනු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වූ අපරාධ රාශියක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් බව මෙන්ම එම සිදුවීම්වලට වගකිව යුතු සියලු දෙනාම තවමත් නිදැල්ලේ සිටින බව අප අමතක නොකළ යුතු බව පෙන්වා දෙන ජයසූරිය මහතා පවසන්නේ ඉදිරියේදී නැවතත් එවැනි සිද්ධි ඇතිවීමේ ප්‍රවණතාවයක් මතුව ඇති බවයි.


No comments:

Powered by Blogger.