Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් මියයන මුස්ලිම් අය භූමිදානයට ඇමතිනිය කැමතිවෙලා

කොරෝනා ආසදනයෙන් පසු මියයන මුස්ලිම් ජාතිකයින් භුමිදානය නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් කොරෝනා පළමු රැල්ල ඇතිවූ සමයේ දැඩි කථාබහක් ඇති විය. එකල රජය සමග එකදු මුස්ලිම් දේශපාලන කණ්ඩායමක් නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් වියත්මගට සම්බන්ධව සිටි අලි සබ්‍රි වැනි නීතිඥයින් පමණක් තර්ක ගොඩනගනු වාර්තා විය.

පසුගියදා 20 වන සංශෝධන ඡන්ද විමසීමෙන් පසු රජය සමග මේ වනවිට මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් හිතවත්ය.

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව අද (3) පාර්ලිමේන්තුවේදී නැවත කථාබහක් මතුවිය. එය සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීම විශේෂ කාරණයක් විය.ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇති වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව මේ සතියේ රැස්වීමට නියමිත බවද තීරණයක් ගන්නා බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ කරුණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ අතර ඊට අදාළව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සහ මුජිබර් රහුමාන් මහතා ද අදහස් දක්වා තිබුණි.


No comments:

Powered by Blogger.