Header Ads

Breaking News
recent

සියල්ලන්ගේ ඇස්වසා මෙරටට රැගෙන ආ කෝටිපති ජපන් පේ‍්‍රමය ගැන නොදත් කතාව මෙන්න

සේපාල ඒකනායකගේ ප්ලේන් හයිජැක් කතාවත් පරාදයිලු

පළඟතුර දලූවකොටුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි නව යොවුන් කඩවසම් තරුණයකු වූ කසුන් මධුශංක කලක පටන් දුටු සිහිනයක් බවට පත්වූවේ කවදාක හෝ දිනක විදෙස් අධ්‍යාපනය පිණිස ගොස් එම කටයුත්ත හොඳින් නිම කොට නැවත මව් රටට පැමිණ උසස් රැකියාවක් සහිත යහපත් ජීවිතයක් ගත කිරීමය. එය මධුශංකට පමණක් සීමා වූ බලාපොරොත්තුවක් නොව මෙරට බොහෝ තරුණ තරුණියන් තුළ පවතින දෙයකි. 24 හැවිරිදි කසුන් මධුශංක ද මීට වසර කීපයකට එපිට එම සිහිනයේ සැරිසැරූ එක්තරා තරුණයෙක්ය. 

ඒ සඳහා ලොව ඇති හොඳම රටවල් පිළිබඳ විපරම් කිරීමේදී කසුන් මධුශංකගේ සිත තදින් ඇද බැඳ ගත් රට ජපානය බවට පත් වන්නේ නිරායාසයෙන්ය. එරට පවතින සැප පහසුව, සිරි විසිතුරු සහ අධ්‍යාපනය පිණිස පවතින පහසුකම් ආදිය පිළිබඳව මධුශංක විසින් කල්තබා දැනුවත් වීම හේතුවෙන් ඔහු තුළ ජපානය පිළිබඳව වූ අවබෝධය සුළුපටු එකක් නොවීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමන්ගේ සිහින පාරාදීසය වන ජපානය බලා පිටත්ව යෑම පිණිස නිතර නිතර උත්සුක වන මධුශංක ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගනු ලබන්නේ ඔහු ජපානය බලා පිටත්ව යෑමට වසර කීපයකට එපිට සිටය. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් උපයා ගැනීම මධුශංක සහ ඔහුගේ පවුලේ උදවියට යම් ගැටලූවක් බවට පත් වුව ද අවසානයේ දී කෙසේ හෝ එම අරමුණද මධුශංක විසින් ජය ගැනීමට සමත් වන්නේ ජපානය බලා පිටත්ව ගිය පසු තමන් ඇතුළු පවුලේ උදවිය පීඩාවට පත් කරමින් තිබෙන ආර්ථිකමය පීඩාවන් ජයගත හැකිය යන දැඩි ආත්ම විශ්වාසයකිනි.
ඒ අනුව ඔහු කලක් තිස්සේ දුටු ජපන් සිහිනය සැබෑවක් බවට පත්වන්නේ මීට සිව් වසරකට පමණ එපිට එක්තරා දිනකය. ඒ අනුව තමන් උපත ලද පළඟතුරේ දලූකොටුව ප‍්‍රදේශයටත් තම ඥාති හිත මිතුරන්ටත් වසර කීපයකට සමුදෙන මධුශංක කටුනායක ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව යෑම පිණිස ගුවන්ගත වන අතර දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව ඔහුගේ සිහින පාරාදීසය වූ ජපානය වෙත ළඟාවන්නේ එතෙක් කලක් ඔහු පුල පුලා බලා සිටි සිහිනය සැබෑකර ගත් ජයග‍්‍රාහී විලාසයෙන් යුතුවය. ඔහුගේ මූලික අරමුණ වන අධ්‍යාපනයත් ඉන් පරිබාහිරව එකින් එක සැබෑ කර ගතයුතු අහිංසක බලාපොරොත්තු රැසකුත් හැර ඒ වන විට මධුශංකගේ තනි නොතනිය පිණිස ඔහුට ආගන්තුක ජපානයේ කිසිවකු නොසිටීම මධුශංකට යම් පීඩනයක් ගෙනදුන් කරුණක් වුවද අනාගතය පිළිබඳව වූ සුබ සිහින හේතුවෙන් එම තනිකම දරා ගැනීම මධුශංකට ඒ හැටි අපහසු කරුණක් බවට පත් වන්නේ නැත. ආගමන විගමන නීති රීතීන්ට අනුකූලව නීත්‍යානුකූල වීසා බලපත‍්‍රයක් යටතේ ජපානයට ගොඩබසින මධුශංක එහිදී තම පළමු අරමුණ වන අධ්‍යාපනය පිණිස වැඩි කාල වේලාවක් වෙන් කරන අතර අධ්‍යාපනය පිණිස ජපානය බලා පිටත්ව යන බොහෝ දෙනකුගේ තෝරාගැනීමක් වන ‘‘අමතර රැකියාවක්” පිණිස මධුශංකගේ සිත ද යොමු වන්නේ එලෙස අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුරය. අමතර ආදායමක් උපයා ගැනීම පිණිස මධුශංක විසින් දරන ලද උත්සාහය සාර්ථක එකක් බවට පත්වන්නේ ජපානයේ දී මධුශංක විසින් හඳුනාගත් හිතවතකුගේ මාර්ගයෙන්ය. ඒ වන විට ජපන් බස මනාව කතා කිරීමට මධුශංක තුළ තිබූ හැකියාවත් ජපානයේ සහ එරට වැසියන් කෙරෙහි ඔහු තුළ පැවැති අවබෝධයත් හේතුවෙන් ඒ පිළිබඳව දෙවරක් නොසිතන මධුශංකගේ මිතුරා විසින් ජපන් ජාතිකයකු මධුශංකට හඳුන්වා දෙන අතර එම හඳුනාගැනීම මධුශංකගේ ජපන් සිහිනය වෙනස්ම මාවතකට යොමුකළ හ`දුනාගැනීමක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය. මධුශංක විසින් හඳුනාගත් ජපන් ජාතිකයා එරට කෝටිපති ව්‍යාපාරිකයකු වූ අතර ඔහු විසින් මධුශංක ට අමතර ආදායමක් ඉපයීම පිණිස රැකියාවක් පිරිනමනු ලබන්නේ මධුශංක තුළ දකින්නට ලැබුණු පි‍්‍රයමනාප බවත් කඩවසම් පෙනුමත් ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයාගේ සිත තදින් ඇද බැඳ ගැනීම හේතුවෙන්ය.

එතැන් සිට මධුශංකට අධ්‍යාපනයට අමතරව රැකියාව පිණිස කාලයක් වෙන් කිරීමට සිදුවන අතර ඔහුට පැවරෙන රාජකාරිය බවට පත්වන්නේ ඔහුට රැකියාව පිරිනමන ලද ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස පිහිටි ගෙවත්තෙහි ගෙවතු අලංකාරය පිණිස ශ‍්‍රම දායකත්වය සැපයීමය. ව්‍යාපාරිකයා විසින් ඒ සඳහා මාසිකව මධුශංක හට ප‍්‍රමාණවත් වැටුපක් ප‍්‍රදානය කර ඇති අතර ඒ අනුව මධුශංඛගේ එදිනෙදා වියදම් පිරිමසා ගැනීමත් ඊට අමතරව යම්කිසි මුදලක් මාසිකව එකතු කිරීමට ද අවස්ථාවක් උදා වන අතර ඒ හේතුවෙන් ඉහළ මානසික තෘප්තියකින් අධ්‍යාපන කටයුතු සහ තම රාජකාරිය ඉටු කිරීමට මධුශංක විසින් වග බලාගෙන ඇත. එලෙස කලක් එම ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෙවතු අලංකාරය පිණිස වෙහෙසෙන මධුශංඛ ගේ ජීවිතයේ තවත් අලූත් පරිච්ෙඡ්දයක් ආරම්භ වන්නේ එක්තරා ජපන් ජාතික යුවතියක ගේ ඇල්ම බැල්ම ඔහු කෙරෙහි යොමුවීමට ගැනීමත් සමගින්ය. එම දඟකාර රූමත් ජපන් යුවතිය අන් කවුරුවත් නොව මධුශංක සේවය කරන කොටිපති ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි දියණියය. ඇය තමන් කෙරෙහි විමසිලිමත් වීමට උත්සාහ දරන ආකාරයත් එම රූමත් යුවතියගේ දෑස තුළ කුමක් හෝ රහසක් පවතින බවත් දකින මධුශංඛ ගේ සිත පළමුව දෙලොවක් අතර අතරමං වන්නේ කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ඒ වන විට ඔහු තුළ නොමැති වීම හේතුවෙන්ය. නන්නාඳුනන මිනිසුන් වෙසෙන රටක එම නන්නාඳුනන යුවතිය විසින් දෑසින් පවසා සිටින දෙය ”ආදරය” බව වටහා ගන්නා මධුශංක ආරම්භයේ පටන් එම ආරාධනය නොදුටු සේ සිටින්නට කටයුතු කර ඇතත් කල්යත්ම ක‍්‍රමයෙන් ඔහුගේ සිත ද ඇය කෙරෙහි යොමුවන්නට ගෙන ඇත්තේ ආදරය යනු වසං කර තැබිය හැකි මානවීය හැඟීමක් නොවන බැවිනි. ඒ අනුව දිනෙන් දින ඇය තමන් කෙරෙහි ළං වන බවත් එතෙක් දිනක් වචන බවට පත්කර ගත්ත නොහැකි වූ යම්කිසි ආදරණීය හැඟීමක් ඇගේ සිත තුළ නළියන බවත් ඉවෙන් මෙන් හඳුනා ගන්නා මධුශංක ක‍්‍රමයෙන් ඇයත් සමග කතාබහ කිරීම ආරම්භ කරන අතර කල්යත්ම එම හඳුනාගැනීම ආදරයක් බවට පත්වන්නේ ගැඹුරු මානව බැඳීමක් වන ”ආදරය” ඉදිරියේ අන් සියලූ කාරණාවන් දෙවැනි තැනට පත් වන බව ප‍්‍රායෝගිකව ඔප්පු කරමින්ය.

එතැන් සිට මධුශංකගේ ජපන් සිහිනය ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයාගේ පහළොස් හැවිරිදි රූමත් දියණිය විසින් උදුරා ගන්නා අතර ඔවුන්ගේ ආදරය ජාති ආගම් දේශ සීමා පවුරු පදනම් කඩා බිඳ දමමින් දලූලා වැඩෙන්නේ කුමන බාධක අභියෝග පැමිණිය ද එකෙකු අනිකා හැර නොයන බවට දෙදෙනා විසින් ඇතිකරගත් ආදරණීය කොන්දේසියක් මත පදනම් වෙමිනි. ඒ අනුව මෙම රහස් ආදරය තමන්ගේ දෙමාපියන්ගෙන් වසන් කර තැබීම පිණිස මධුශංකගේ ජපන් ජාතික පෙම්වතිය විසින් කටයුතු කරන අතර මධුශංක විසින්ද තම ආදර කතාව ඔහුගේ සමීපතම මිතුරන්ගෙන් පවා වසන් කිරීමට උත්සාහ දරනු ලබන්නේ එම රස රහස හෙළි වීමත් සමඟ ඔහුගේ රැකියාව යම් අවදානමකට ලක්වේ යැයි යන චකිතය හේතුවෙන්ය.

රහසක් ලෙස ආරම්භ වන බොහෝ ආදර කතාවන් කල්යත්ම ‘‘නොරහසක්” බවට පත් වන්නේ යම් සේද මධුශංකගේ සහ ජපන් ජාතික තරුණියගේ ආදරයටද කල් යත්ම මුහුණදීමට සිදුවන්නේ එවැනි ඉරණමකටය. ඔවුන්ගේ ආදරය ඉදිරියේ නොයෙක් බාධාවන් පීඩාවන් නිර්මාණය වන්නට ගැනීමත් සමඟ එකිනෙකා කෙරෙහි දැඩිව බැඳී සිටී මධුශංක සහ ඔහුගේ බාල වයස්කාර පෙම්වතියට ද නිමක් නැති බාධකවලට මුහුණ දීමට සිදු වන අතර එයට විසඳුමක් ලෙස මධුශංක විසින් තම පෙම්වතිය අමතමින් සඳහන් කර සිටින්නේ ඔවුනොවුන් තුළ පවතින ආදරය තවදුරටත් පවත්වාගෙන යෑම පිණිස ජපානය සුදුසු භූමියක් නොවන බවත් ඒ සඳහා තම මව් රට වන ශ‍්‍රී ලංකාව බලා පිටත්ව යෑමට සූදානම් වන ලෙසත්ය.

තම විදේශීය පෙම්වතාගේ බොළඳ පෙම් වදන් හමුවේ තව තවත් ළදැරියක් බවට පත්වෙන එම ජපන් ජාතික යුවතිය සියලූ යස ඉසුරු අතහැර ශ‍්‍රී ලංකා බලා පිටත්ව එනු ලබන්නේ ඉකුත් මාර්තු මස එක්තරා දිනකය. තම දියණියගේ හදිසි අතුරුදන් වීමත් සමග කලබලයට පත්වන එම යුවතියගේ මව තම දියණියට කුමක් වී දැයි යන්න සොයා බැලීමේදී ඇය පෙම්වතා සමඟ ශ‍්‍රී ලංකාවට පැමිණි ඇති බව සැකහැර දැනගත් පසු ඒ බව තානාපති සේවා මගින් මෙරටට දැනුම් දී තිබෙන අතර ඊට පසු දිනම ඇය ශ‍්‍රී ලංකා බලා පිටත්ව එන්නේ තම හිතුවක්කාර දියණිය කෙසේ හෝ නැවතත් ජපානය බලා රැගෙන යෑමේ අරමුණින් යුක්තවය. 

ඒ වන විට කටුනායක ගුවන්තොටුපළ පොලිසියට ලැබුණ තොරතුරක් ඔස්සේ ජපානයේ සිට පැමිණි මෙම තරුණ පෙම්වතුන් යුවළ ගුවන්තොටුපළ තුළදී ප‍්‍රශ්න කිරීම්වලට ලක් කොට එම ජපන් ජාතික තරුණිය කොච්චිකඬේ පළඟතුරේ ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක රඳවා තබනු ලබන්නේ ජපන් තානාපති කාර්යාලය විසින් ලබාදුන් උපදෙස් මතය. ඒ අනුව එම ජපන් ජාතික යුවතියගේ තනි නොතනිය පිණිස මධුශංඛගේ නැඟණියකද එම හෝටලය තුළ නතර කරන අතර ජපන් ජාතික තරුණියව එලෙස රඳවා තබා ගනු ලබන්නේ ඇගේ මව ශ‍්‍රී ලංකාවට පැමිණෙන තෙක් ඇගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසය. මේ අතර තම නැඟනියගේ මාර්ගයෙන් තම පෙම්වතියගේ මව ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කරගන්නා මධුශංක ඊට පෙර ක‍්‍රියාත්මක වන අතර ජපන් ජාතික යුවතියගේ මව මෙරටට පැමිණීමට පෙර තම පෙම්වතිය රඳවා තබා ඇති හෝටලයෙන් පිටතට ගැනීම පිණිස සැලසුම් සකස් කරන්නේය. ඒ අනුව එදිනම සවස මෝටර් රථයකින් හෝටලය වෙත පැමිණෙන මධුශංක තම පෙම්වතියව එම හෝටලයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කරන අතර එතැන් සිට මාස හතක් තිස්සේ මෙම තරුණ යුවළ පිළිබඳව කුමන හෝ ආරංචියක් සොයා ගැනීමට පොලිසියට හෝ ජපන් ජාතික තරුණියගේ පාර්ශ්වයට නොහැකි විය. ඒ අනුව මෙරටට පැමිණෙන මෙම ජපන් ජාතික යුවතියගේ මව කොච්චිකඬේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලාංකික තරුණයකු විසින් තම දියණිය පැහැර ගත් බවත් ඒ වන විට ඇය සන්ථකව රුපියල් ලක්ෂ 10 ක මුදලක් තිබී ඇති බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන අතර ඒ අනුව ක‍්‍රියාත්මක වන කොච්චිකඬේ පොලිසිය මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම පිණිස ගතවූ මාස හතක් තිස්සේ විමර්ශන සිදු කළහ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව නැවතත් සමාජය තුළ කතාබහ මතුවීම ආරම්භ වන්නේ ඉකුත් විසිපස් වැනි දින මෙම ශ‍්‍රී ලාංකික පෙම්වතා සහ ජපන් ජාතික තරුණිය කොච්චිකඬේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගය. ශ‍්‍රී ලාංකික පෙම්වතා සහ ඔහුගේ පවුලේ උදවිය අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් ඔස්සේ සිදුකරන විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස මාරවිල මූදුකටුව ප‍්‍රදේශයේ එක්තරා නිවසක රැඳී සිටියදී මෙම තරුණ පෙම්වතුන් යුවළ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අතර ඒ වන විටද එම ජපන් ජාතික තරුණිය සිවුමස් ගැබිණියක්ය. මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොච්චිකඬේ පොලිසිය වෙත රැගෙන විත් ප‍්‍රශ්න කිරීමේදී ජපන් ජාතික තරුණිය තම පෙම්වතා සමීපයට වෙමින් ඔහු කෙරෙහි බැඳි දැඩි ආදරයකින් පසුව තිබෙන අතර ඇය අමතමින් පොලිසිය විසින් සඳහන් කර ඇත්තේ ඇගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු වන කසුන් මධුශංක මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යුවතියක් පැහැරගෙන විත් දූෂණයට ලක් කළේ යැයි සඳහන් චෝදනාව මත දෙසැම්බර් මස තුන් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කොට තිබෙන අතර සිව්මස් ගැබිණියක් වන ජපන් ජාතික තරුණිය මොරටුව ප‍්‍රදේශයේ පිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් වෙත යොමුකොට ඇත.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරක් මත කොච්චිකඬේ පොලිස් ස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති ශිරාන් පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.   රුවන් ජයවර්ධන - දිවයින පුවත්පත

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Powered by Blogger.