මහර හිරගෙදර වෙඩි.. රැදවියෙක් මරුට.. රැදවියන් පාලනයට STF කැදවයි..
මහර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක් හටගෙන තිබේ.
එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොමු කිරීමට කටයුතු කර ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
මෙම තත්වය හේතුවෙන් එක් අයෙකු මිය ගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබේ.
නොසන්සුන් තත්වය හටගෙන ඇත්තේ රැදවියන් පිරිසකට කොරෝනා ආසාදනය වී යැයි තවත් රැදවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදීය.
No comments: