Header Ads

Breaking News
recent

ඉහලින් ලද උපදෙස් මත, බන්ධනාගාරයේ සිටි බදියුදීන් ගල්කිස්සේ හෝටලයකට යවයි

ක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඇප මත මුදා හරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යවා ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කරයි. බන්ධනාගාරය තුල ක්‍රියාක්මක වර්තමාන ‍ක්‍රියාපටිපාටිය අනුව ඇප මත නිදහස් වන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා ඒ තුළම වෙනම කුටියකට යොමු කරයි.

එම නීතිය අනුව බදියුදීන් මහතා මැගසින් බන්ධනාගාරය තුළ නිරෝදායනයට රදවා තිබින.

ඒ අතර ඇප මත නිදහස් වන අය කොරෝනා පරීක්‍ෂණ සිදු කර එහි ප‍්‍රතිඵල මත නිදහස් කරන ලෙස උපදෙස් ලැබී ඇත.

ඒ අනුව බන්ධනාගාරයේදී කොරෝනා පරීක්ෂණකට ලක් කලද එහි ප්‍රතිඵල නිකුත් වීමට පෙර බදියුදීන් මන්ත‍්‍රීවරයා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යවා ඇත.

එම කටයුත්ත සිදු කර ඇත්තේ ඉහලින් ලද උපදෙස් මත බවද වාර්තාවේ දැක්වෙයි.


No comments:

Powered by Blogger.