Header Ads

Breaking News
recent

කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතුයි.. භූමදානය නොකල යුතුයි - වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.