Header Ads

Breaking News
recent

කොරෝනා මරණවලට හේතුව සොයා නොගත්තොත් මරණ තවත් වැඩි වෙයි

මෙරටින් පසුගිය දිනවල වාර්තා වූ සෑම කොරෝනා ආසාදිත මරණයකටම මුල් වූ හේතුන් කඩිනමින් හඳුනා නොගතහොත් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉදිරියේදී පාලනය කිරීම අසීරු වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ හා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය.

මෙම සෑම කොරෝනා ආසාදිත මරණයකටම මුල් වූ හේතුවක් තිබෙන බවත්, එම හේතුන් රජය විසින් හඳුනාගත යුතුව ඇති බවත් වෛද්‍ය අබේසිංහ මහතා කීවේය. මෙරට දෙවැනි කොරෝනා වසංගත රැල්ල මර්දනය කළ යුත්තේ පළමු රැල්ල මර්දනය කළාට වඩා වෙනස් අයුරින් බවද ඔහු සඳහන් කළේය.

‘‘බලධාරීන් විසින් දෙවැනි කොරෝනා රැල්ල මර්දනය කිරීම සඳහා වෙනස් ආකාරයේ වැඩපිළිවෙළක් දියත් කරන ආකාරයක් පෙනෙන්නට නැහැ. අප කියන දෙයට අදාළ අංශ සවන් නොදෙන්නේ නම් මෙය මර්දනය කරන ආකාරය ගැන කියලත් වැඩක් වෙන එකක් නැහැ’’ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.