කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනයට මෙතෙක් අවසර දී නෑ - සෞඛ්‍ය අමාත්‍යංශය
කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට අවසර ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය ඊයේ මාධ්‍ය වෙත කියා සිටියේ මේ සඳහා අවසර ලද බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් තම සංවිධානයට තහවුරු කළ බවයි.
ඒ වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිවරයාට ස්තුති කරමින් ඔවුන් ලිපියක්ද යොමුකර තිබේ.
No comments: