Header Ads

Breaking News
recent

ආණ්ඩුවෙන් දෙන රු5000 ‘තමන්ගේ වගේ බෙදන්න ගිය කොළඹ මන්ත්‍රී’ තිත්ත කුණුහරුපෙන් අසා ගනී – ජනපතිගේ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙයි !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අමුඅමුවේ පාවා දුන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට මිට සුළු මොහොතකට පෙර බත්තරමුල්ලේ දී ජනතාව අසභ්‍ය වචනයෙන් සංග්‍රහ කරනු ලැබුවා. බත්තරමුල්ල සුධර්මාරාම පුරාණ විහාරයේ පැවති රජමල්වත්ත සහ ධම්මෝදය මාවතේ පදිංචි තෝරාගත් පිරිසකට පමණක් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීම මේ වනවිටත් එම ස්ථානයේ පැවැත්වෙනවා.

ග්‍රාම නිලධාරීන් දෙදෙනෙක් සහ සමෘද්ධි නියාමකවරු දෙදෙනෙක් ඒ සඳහා රාජකාරි කටයුතු සඳහා එක්ව සිටියා.

එම අවස්ථාවට හදිසියේම පැමිණි ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා වාහනයෙන් බැසීමට පෙරම රුපියල් 5000 දීමනාව තමන්ගේ අතින් බෙදීමට අවශ්‍ය බව සඳහන් කිරීමත් සමග රැස්ව සිටි පිරිස විමසා සිටියේ ‘මේ මුදල් ඔයාගේද ‘ යනුවෙනුයි.

මෙහිදී තවත් පිරිසක් චෝදනා කර සිටියේ ජනාධිපතිවරයා දේශපාලන බේධයකින් තොරව වැඩ කරද්දී මෙවන් දේශපාලුවන් පැමිණ හත්පොලේ ගාගන්න බවයි.

පසුව රැස්ව සිටි පිරිස අසභ්‍ය වචනයෙන් ඔහුට සංග්‍රහ කළ අතර එම අවස්ථාවට ස්වාධින රුපවාහිනියේ ටීෂර්ට් එකක් ඇඳගත් අයෙකු ද ඔහු සමග පැමිණ සිටියා.

-truenews



No comments:

Powered by Blogger.