Header Ads

Breaking News
recent

නොලැබෙන දේවල් ගැන වද වෙන්න ඕන නෑ - කට කතා ගැන හිත හිත අපි ජිවිතේ එක තැන පල් කරගන්නේ නෑ - හැමෝම අහනවා දුවෙක්ද පුතෙක්ද කියලා - සාරංග කියන කතාව : Gossip Lanka Story about Saranga Disasekara

කට කතා ගැන හිත හිත අපි ජිවිතේ එක තැන පල් කරගන්නේ නෑ 
හැමෝම අහනවා දුවෙක්ද පුතෙක්ද කියලා
නොලැබෙන දේවල් ගැන වද වෙන්න ඕන නෑ

තාරුණ්‍යයේ හැඩකාර, වැඩකාර බොහෝ දෙනෙකුගේ හදවත් සොරා ගත් නළුවෙක්. විටෙක හොදම නළුවා ලෙසත් විටෙක ජනප්‍රිය නළුවා ලෙසත් ජනතාවගේ ආදර දිනා ගන්න මොහු නමින් සාරංග දිසාසේකර. වර්තමානය වන විට රංගනයෙන් පමණක් නොව නිවේදනය තුළිනුත් සාරංග දිසාසේකර දැකගන්න පුළුවන්. වේදකාව සිනමාව පුංචි තිරය කිසිදු තැනක් ඔහුට ආදුනික තැන් නෙවෙයි. හඩකැව්මි අංශයටද උපන් හැකියාවක් ඇති සාරංග විටෙක ගායකයෙක් කිවොත්ද නිවැරදියි.

පියාගේ වියෝවත් සමඟ මව සමග ජිවිතේ හොයන සාරංග අද මුළු මහත් ලෝකයක් දන්න පුද්ගලයෙක්. වර්තමානයේදි ඔහු වැඩි කතා බහට ලක් වුනේ ජිවිතේ ඔහුගේ විවාහයත් සමග. ඉතින් අපි සාරංග ගෙවන ජිවිතේ වගේම ඔහුගේ අත ගත් ආදරනීය බිරිඳ ගැන සාරංග ගෙන් අසා සිටියා. “මම බුදුදහමට අනුව කර්මය විස්වාස නරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ අපිට ලැබෙන නොලැබෙන දේවල් ගැන වද වෙන්න ඕන නෑ. අපිට දෙයක් නැති වෙනවනම් මම ඒ ගැන වදවෙලා වැඩක් නෑ. අනික මම හිතන්නේ දිනක්ෂි මාව තේරුම් අරගෙන තියෙන්නේ. දැන් අපි එක්කෙනක් වෙලා අපේ ගමන යන්නේ. අපේ හැගිම් අදහස හැමදේම එක වගේ. මගේ හොදම යාළුවා දිනක්ෂි. ඇය මගේ පවුල් ජිවිතේ තුළ සාර්ථක බිරිඳක්. සාර්ථක දියණියක්. මම හිතන්නේ එහෙම. කට කතා ගැන හිත හිත අපි ජිවිතේ එක තැන පල් කරගන්නේ නෑ. අපි ඇත්තටම ජිවිතේ විදිනවා. කලා ලෝකයෙන් නිදහසක් ලැබුනු ගමන් අපි අපේ මානසික සුවය ගැන හිතලා නිදහස් තැන් වලට යනවා. නිදහසේ සුවය විදිනවා. ඉතින් මම හිතන්නේ නෑ ජිවිතේ මට පසුතැවිලි වෙන්න දෙයක් ඇති කියලා. විදවිම් නෙවෙයි ජිවිතේ කියන්නේ ඇත්තටම ජිවිතේ කියන්නේ විදිමයි.” කියලයි.

සාරංග කියන්නේ ලංකාවේ ලස්සනම රංගන ශිල්පියා කියලා ගොඩක් අය කියනවා ඉතින් ඔබේ ශරිර සෞඛ්‍ය ගැන වගේම ඔය සුන්දරත්වය රදව ගන්න ඔබ මොකද කරන්නේ කියලා අපි අහපු පැනයට සාරංග දුන්නේ මේ වගේ පිළිතුරක් “රංගන ශිල්පියෙකුට පෙනුම කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා මම මං මගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වෙනුවෙන් මම කැපවෙනවා. විශේෂයෙන් මම මගේ සෞඛ්‍යයට ගැළපෙන ආහාර රටාවක් තමා ගෙනියන්නේ. වතුර නිතරම බොනවා. සිනි කෑම අඩු කරනවා. පළතුරු ආහාරයට ගන්නවා. මම මගේ දින චර්යාවට ව්‍යායාම කියන එකද එකතු කරගෙන තියෙනවා. ඒ මගේ සෞඛ්‍ය නිසාම. හැබැයි රංගන කටයුතු එක්ක සමහර වෙලාවට මට ඒ දේ මඟ හැරෙනවා. හැබැයි මම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. සමහර රංගන තල වල රංගනයෙන් පසු මම වෛද්‍ය උපදෙස් පවා ලබා ගන්නවා” කියලයි.

මේ වෛරස් සාමය සමඟ දැන් රංගන කටයුතු වල තරමක් ඈත්ව සිටින සාරංග ළඟදි පිය පදවියට උරුමකම් කියන බවට බොහෝ දෙනා දන්න කරුණක්. දිනක්ෂි සාරංග කලා ලෝකයේ නොබසින තරු නිසාම ඔවුන්ට කලා ලෝකයේ බොහෝ දෙනෙකුගේ ආදරය හිමි වෙනවා. ඉතින් ඒ නිසාම මොවුන්ගේ පුංචි කැදැල්ලට බොහෝ දෙනෙක් සුභාශිංශන මේ දිනවල එකතු කරනවා. ආදරය කියන අකුරු හතර තුළ ජිවිතය විදින අපූරූ කඩවසම් නළුවෙක් විදිහට සාරංග හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් ළඟදී පිය පදවිය ලබන්න ඉන්න සාරංග ඒ පිලිබඳ කිවුවේ මෙහෙමයි. ”ඇත්තටම මම ගොඩක් ආසාවෙන් ඉන්නේ තාත්තා කෙනෙක් වෙන්න. ගොඩක් අය මගෙන් අහනවා මම කැමති දුවෙක්ටද පුතෙක්ටද කියලා මගේ එහෙම වෙනසක් නෑ දුවෙක් ලැබුනත් පුතෙක් ලැබුනත් මට එක වගේ. දිනක්ෂිත් ඒ වගේ. ඒ අපේ චුටි පැටියා.” කියලයි ඉතින් සාරංගට ඒ සුබ ආරංචිය ඉක්මනටම අහන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා.





No comments:

Powered by Blogger.