“කොරෝනා අතින් අල්ලා නවත්වන්න බෑ..ආණ්ඩුවට බැණලා වැඩක් නෑ..” – ඇමති දුමින්ද
“කොරෝනා රෝගීන් වැඩි වුණා කියලා ආණ්ඩුවට බැණලා වැඩක් නෑ, කාටවත් ඇඟිල්ල දික් කරනවාට වඩා අපි ආරක්ෂා විය යුතුයි, කොරෝනා අතින් අල්ලා නවත්වන්න බෑ” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍යය ඇමැති දුමින්ද දිසානායක පවසනවා.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති ජන හමුවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා,
“ඉදිරි වසර හතර තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් අපිට ඉතා විශාල සංවර්ධනයක් ගම් මට්ටමින් සිදු කරන්න තියෙනවා. ඒ සියලුදේම කරන අතරේ තමයි දැන් මේ කොරෝනාත් පටන් අරන් තියෙන්නේ ආයේ පාරක්. කොරෝනා කියන එක අපිට අතින් අල්ලලා නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුද්ගලිකව අපි වෙන පරිස්සම තුළ තමයි අපිට මේකෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ .අපි-අපි බේරුණොත් තමයි රටත් බේරෙන්නේ. දැන් බැරි වෙලා හරි කොරෝනා රෝගීන් වැඩි වුණා කියලා ආණ්ඩුවට බැණලා වැඩක් නෑ. කාගෙද අඩුපාඩුව තියෙන්නේ? පරිස්සම අඩු වෙලා තියෙන්නේ අපේ, සැලකිල්ල අඩු වෙලා තියෙන්නේ අපේ, නොසැලකිලිමත්කම වැඩි වෙලා තියෙන්නේ අපේ, ඒ නිසා කාටවත් ඇඟිල්ල දික් කරනවාට වඩා අපි ආරක්ෂා විය යුතුයි.
ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගෙන් මේක කාටවත් ඇඟිල්ල දික් කරන වෙලාවක් නෙමෙයි අපි අපි පරිස්සම් වෙන්න ඕන වෙලාවක්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දී ඇති පිළිවෙත් පිළිපදින්න. ඒ නීතී රිතී එක්ක කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා “
No comments: