Header Ads

Breaking News
recent

වනජීවී නිලධාරියා තක්කඩියෙක්… වහාම ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න… රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

පොලොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවී නිලධාරින්ට බලපෑම් කළ අවස්ථාවේ ඊට විරුද්ධ වූ වනජීවි නිලධාරියා තක්කඩියෙකු බවත් වාහම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම වනජීවී නිලධාරීන් සිදුකරන්නේ මාධ්‍ය සංදර්ශනයක් බවත් තමන් මාධ්‍යයට බය නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය. මෙම නිලධාරීන් වාහම වෙනස් ස්ථාන වෙත මාරු කළ යුතු බවද එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ජලගැලුම් නිම්න රක්ෂිතය මැදින් පාරක් ඉදිකිරීම සඳහා වනජීවී නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවට වූ පුවතක්ද පසුගියදා වාර්ත වන ලදි.


No comments:

Powered by Blogger.