Header Ads

Breaking News
recent

කොරෝනා ව්‍යප්තිය සමාජ ව්‍යාප්තියකයි.. මරණ සංඛ්‍යාව අතිශයින් ඉහල යාවි.. ශ‍්‍රී ලංකාව ඉතාලි අර්බුදය අබිමුව - හරිත අලුත්ගේ

කොරෝනා වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ නමුත් එය ප්‍රකාශ කල යුතුව ඇත්තේ තම සංගමය නොව වසංගත රෝග විද්‍යා අංශයෙන් බවයි.

මෙවර පැතිරෙන වෛරසය අතිශය ප්‍රබල බවත් බෝවීමද ඉතා ඉහළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම තත්වය හමුවේ රට ඉතා බරපතල අවදානමක ඇති බවත් මරණ සංඛ්‍යාව අතිශයින්ම ඉහළ යා හැකි බවත් මෙරට වැඩිහිටි පරම්පරාව ඉහළ අනතුරක බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතාලි අර්බුදය අබියස බවත් බෝනොවන රෝග සහිත සියලු දෙනා අතිශය පරිස්සම් කාරී විය යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.