පාර්ලිමේන්තු සේවකයෙක් හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවක් !
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සහකාර අරක්කැමියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ.
පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටියදී පසුගිය දා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබිණි.
ඔහු මියයෑමෙන් පසු දේහය කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබූ අතර ඔහුට කොරොනා වෛරසය ආසාදනය වී නැතැයි ඉන් හෙලි වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
පොලිස් මෘත ශරීරාගාරයේ තිබූ දේහය නිදහස් කිරීමෙන් පසු අවසන් කටයුතු ඊයේ දිනයේ සිදු කළ ලද බවත් ඒ මහතා පැවසීය.
මෙම පුද්ගලයා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසන බවද වේත්‍රධාරියා සඳහන් කළේය.
No comments: