Header Ads

Breaking News
recent

ගබඩා අපේ, තෙල් අපේ, හැබැයි ලාබය යන්නෙ IOC එකට - අනුර දිසානායක

ඉතිහාසය පුරා පත් වූ අසාර්ථක පාලකයන් හේතුවෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් රටට කිසිදු සෙතක් අත් වී නොමැති බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එසේ තිබියදී ඉන්දියාව ඉන් ප්‍රයෝජන ගන්නා බවත් ලාභ ලබන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද අයවැය විවාදයේදී අදහස් දක්වමිනි.

2003 වසරේදී තාවකාලික ගිවිසුමක් මගින් මෙම ‍තෙල් ගබඩා කරන ටැංකි සංකීර්ණය ඉන්දියවට ලබා දී ඇත්තේ මාසයකට එක් ටැංකියකට ඩොලර් 1000 කට පමණක් බවත් ඒ අනුව මෙම ටැංකි සංකීර්ණය ලබා දී ඇත්තේ ඇමරිකානු ඩොලර් 99,000 කට පමණක් බවත් අනුර දිසානායක මහතා පවසනවා.

කොලොන්නාවේ සහ මුතුරාජවෙල පිහිටි තෙල් ගබඩා සංකීර්ණවලද සම්පූර්ණ අයිතිය තෙල් සංස්ථාවට නොමැති බවත් එහි තුනෙන් එකක් IOC සමාගමට අයත් බවත් ගබඩාවල අයිතිය සහ තෙල්වල අයිතිය තිබෙන නමුත් ලාභයෙන් වැඩි කොටසක් යන්නේ IOC සමාගමට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

No comments:

Powered by Blogger.