Header Ads

Breaking News
recent

ජනාධිපතිගෙ ගෝලයෝ වල් වැදිලා, වියත්මග නොමග ගිහින් - උලපනේ සුමංගල හිමි (Video)

රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගෙන, දේශපාලඥයන්ට නොනැමී කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් රටේ ජනතාව සියලු දෙනා පෙනී සිටිය යුතු බව උලපනේ සුමංගල හිමි පවසනවා. අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සුමංගල හිමි මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා චක්‍රලේඛ නොතකා, තමන්ගේ කට වචනයට අනුව වැඩ කරන්නැයි රාජ්‍ය නිළධාරීන්ට උපදෙස් දෙමින් සිටිද්දී ජනාධිපතිගේ කට වචනය චක්‍රලේඛ වෙද්දී ජනාධිපතිගේ ගෝලයන් වල්වැදී, කැලෑ විනාශ කරමින්, ගංගා විනාශ කරමින්, පුරාවිද්‍යා ස්ථාන විනාශ කරමින් කටයුතු කරන බව උලපනේ සුමංගල හිමි පවසනවා. එපමණක් නොව ජනාධිපතිගේ ගෝලයන්, කොන්ද කෙලින් තබාගෙන රජයේ සේවකයන්ගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

ර‍ටේ මෙවැනි තත්වයක් උද්ගතව පවතිද්දී අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉදිරිපත් වූ වියත් මග නොමග ගොස් ඇති බවත්, ඔවුන් අද සැඟවී සිටින බවත් උලපනේ සුමංගල හිමි අවධාරණය කරනවා.

No comments:

Powered by Blogger.