Header Ads

Breaking News
recent

SSP ගේ දූ සින්ඩි මාධ්‍යට කතා කරයි: හැප්පුන වාහනේ පට්ටන්දරේ දිගහරියි

කුරුඳුවත්ත නෙළුම් මාවත අසල පිහිටි නන්දා මෝටර්ස් වෙත ලෑන්ඩ් කෲසර් රථයක් පැදවූයේ යැයි වන සිද්ධියක් සම්බන්ධයෙන් එක රැයකින් ජනප්‍රිය වූ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දුවක වන සින්ඩි වික්‍රමනායක මෙනෙවිය කියා සිටින්නේ ඇය මේ අනතුර සිදු නොකළ බවයි.

විසි එක් හැවිරිදි වියේ පසුවන සින්ඩි මේ වන විට කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටින බවද කියා සිටී.

ඇය සඳහන් කරන්නේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමාගේ රුව සහිත ඡායාරූප ද පල කරමින් තමාට විශාල ලෙස අපවාද එල්ල කළ ද අදාළ අනතුර තමන් විසින් සිදු නොකළක් බවයි.

ඇය ඒ සම්බන්ධයෙන් මෙසේ කියා සිටී.

”බලන්න මිනිස්සු මට කොච්චර බැන්න ද අපහාස කළා ද?. ඒ නොකළ වරදකට. ඇත්තටම මම ගියේ මගේ යාළුවට උදව් කරන්න විතරයි. ඒක හරියාකාරව නොදැක්ක පිරිසක් සමාජ වෙබ් අඩවි ජාලා විශේෂයෙන්ම Fcebook ආදී මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාරයන් කරලා තිබුණා. ඒ නිකං නොවේ මගේ පින්තූරත් සමගයි. මම ඉහළ පොලිස් නිලධාරියකුගේ දුවක් සහ එම අනතුර සිදු කළේ මමයි කියා මට නිකං බොරු චෝදනා එල්ල කරලා තිබුණා.” යනුවෙන් අය කියා සිටී.

”එම රිය අනතුර සිදුවූයේ මගේ හොඳම යෙහෙළියක් අතින්. එම අනතුර සිදු වූ දිනයේ ඇය සහ තවත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමග අපි කලකට පසු මුණගැසුණා. අපි සුහදව කෝපි බොමින් ආ ගිය තොරතුරු කතා කරමින් සිටියා.” යනුවෙන් කියමින් ඇය අනතුර සිදු කළේ යෙහෙළියක් බව හෙළි කරයි.

ඇය තවදුරටත් සිද්ධිය මෙලෙස විස්තර කරයි.

”පැය ගානක් එලෙස රැඳී සිටිමින් අපි වෙන් වී යළි නිවෙස් වෙත යන්න තීරණය කළා. ඒ අනුව මමයි තවත් යෙහෙළියන් දෙදෙනකු එක් මෝටර් රථයකට ගොඩ වුණා. අපට ඉදිරියෙන් ජීප් රථයේ අනතුර සිදුකළ මගේ යෙහෙළිය සහ තවත් මිතුරකු ගියා. ඉදිරියෙන් ගමන් කළේ ඔවුන්ගේ ජීප් රථයයි.”

”සාමාන්‍ය වේගයකින් ගිය ජීප් රථය කුරුඳුවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබුණා. එය එක්වරම නෙළුම් පොකුණ මාවත අසල පිහිටි නන්දා මෝටර්ස් ගොඩනැගිල්ල දෙසට ඇදී ගියා. මම එය හොඳින්ම දුටුවා. ඒ එක්කම මට පැහැදිලිව පෙනුණා එය අනතුරක් බව. මට එකපාරටම මොනවත් හිතාගන්න බැරි වුණා. ඒ සමගම අපි ගිය මෝටර් රථය ද නතර කළා.”

”එලෙස නතර කළ ගමන් මම එම මෝටර් රථයෙන් බැස අනතුරට ලක්වූ ජීප් රථය දෙසට දිව්වා. ඒ මගේ හොඳම යෙහෙළියට අනතුරක් සිදුවී ඇද්දැයි බැලීමටයි. එහෙත් වාසනාවකට මෙන් ඇයට කිසිදු අනතුරක් සිදුවී නොතිබුණි.”

”එදා රිය අනතුර දවසේ සිදුවූ ඇත්ත සිද්ධිය එයයි. එහෙත් එතන සිටි යම් අයෙක් මාගේ පින්තූරයක් රැගෙන විවිධ සමාජ මාධ්‍යවලට ලබාදී වැරදි ප්‍රචාරයක් සිදුකර තිබුණා. එම රිය අනතුර සිදු කළේ මම කියා. බලන්න ඒක කොච්චර වැරදි දෙයක්ද. ඉන් පස්සෙ විවිධ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ මගේ චරිතය ඝාතනය කරන්න පටන් ගත්තා. බලන්න ඒක කොච්චර වැරදි දෙයක්ද. යාළුවකුට උදව් කරන්න ගිහිල්ලා අන්තිමට මට වෙච්ච දෙයක්.”

මූලාශ්‍රය - ඉරිදා දිවයින


No comments:

Powered by Blogger.