Header Ads

Breaking News
recent

අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය බොරුවක්... අරලියගහ මන්දිරය ලොක්ඩවුන් තමයි - බැසිල්

ග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය හුදෙකලා තත්වයට පත්කර නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අසත්‍යයක් බවත් එම මන්දිරය මේ වනවිට හුදෙකලා කර ඇති අතර එහි කාර්යාල සේවකයින්ට නිවෙසට වී වැඩ කරන ලෙස දැනුම් දී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය. 

අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීම හේතුවෙන් එම පරිශ්‍රයේ පිහිටි තමන්ගේ කාර්යාලය ද තමන්ට භාවිතා කිරීමට නොහැකි වී ඇති බව ප්‍රකාශ කර ඇති බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සඳහන් කර තිබේ. 

අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසකට කොවිඩ් - 19 වෛරසය වැළඳීම නිසා එම පරිශ්‍රය මෙසේ හුදෙකලා භාවයට පත්කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඒ වනවිටත් භාවිතා කරමින් සිට ඇත්තේ සිය විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසය. 

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග යනු ලැජ්ජා වියයුතු හෝ සැඟවිය යුතු දෑ නොවන අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා මේ පිළිබඳ අසත්‍ය නිල නිවේදනයක් නිකුත් කිරීම තුළ රජය විසින් කොරෝනා මර්දනය පිළිබඳ ලබාදෙන තොරතුරුවල විශ්වසනීයත්වයට දැඩි හානියක් සිදුවන බව ඔවුන් තේරුම්ගත යුතුව ඇත. 


No comments:

Powered by Blogger.