Header Ads

Breaking News
recent

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස අයිසීසීයෙන් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා බව හෙළිවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම දේශපාලන අතපෙවීමක් නිසා පැනවූ තහනමක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඉල්ලීමක් කර ලබාගත් තහනමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

තමා අසත්‍යයක් පවසන්නේ නම් මේ පිළිබඳව පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගෙන් විමසීමක් කරන ලෙසද විපක්ෂ නායකවරයා කතානායකවරයාට පවසා සිටියා.

'පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක් කිව්වා අපේ රටට ක්‍රිකට් අහිමි වෙන්න යනවා කියලා, ක්‍රිකට් තහනම් වෙන්න යනවා කියලා. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාටත් මේ රටේ විවිධ විමර්ශන කරන කණ්ඩායම්වලටත් සොයා බලන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම ශ්‍රී ලංකාව තහනම් කරන්න කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කළේ කවුද කියලා. ඒ ඉල්ලීම කරපු පුද්ගලයාව තමයි අද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රකින්න ඉදිරිපත්වෙලා ඉන්නේ. එනිසා මේ ක්‍රිකට් තහනම යෝජනා කරපු අයව මේ ආණ්ඩුව රකිනවා නම් මේ තහනමට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් වගකියන්න ඕන. ක්‍රිකට් තහනම ලැබුණේ අයිසීසීයට කරපු ඉල්ලීමක් පරිදි. ඒ ඉල්ලීම කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්. ඒක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 'සූම්' සාකච්ඡාවකදී අදාළ ඉල්ලීම කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා. මම බොරුවක් කියනවා නම් පාකිස්ථානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එම සූම් සාකච්ඡාවට සහභාගිවූ පාකිස්ථානු ක්‍රිකට් නියෝජිතයාගෙන් අහන්න පුළුවන්. ශ්‍රී ලංකාව නියෝජනය කරපු නියෝජිතයා (ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාව තහනම් කරන්න කියලා. එනිසා මේ ක්‍රිකට් තහනමට වග කියන්න ඕන මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය රකින ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බව බොහොම පැහැදිලිව කියන්න ඕන' යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට කරුණු සඳහන් කර සිටියා.


No comments:

Powered by Blogger.