Header Ads

Breaking News
recent

ජනාධිපති-අගමැති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි.. 113 ඇති අයෙක්ට අගමැතිකම දෙන බව ජනාධිපති කියයි…

ජනාධිපතිවරයා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර අද පැවති හමුව ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන තිබේ.
එම කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ උණුසුම් වාද විවාද මැද මහා ගාලගෝට්ටියකනිි.
අන්තර්වාර ආණ්ඩුව පිළිබඳව ප්‍රමුඛව අදහස් දෙපාර්ශවයටම බෙඳුනු මන්ත්‍රී කණ්ඩායම හුවමාරු වී ඇත.

අන්තර්වාර පාලනයක් අවශ්‍ය නැතැයි පවසමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත්තේ ජනවරම ලබා දී ඇත්තේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට මිස අන්තර්වාර පිහිටවීමට නොවන බවයි.

අගමැතිකම බලාගෙන ඩලස් අලහප්පෙරුම මහතා කුමන්ත්‍රණය කරන බවද ඔහු පවසා ද ඇත.

නමුත් ඩලස් අලහප්පෙරුම මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් තමන් කිසිදු කුමන්ත්‍රණයක නැති බව සඳහන් කර තිබේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ මෙය පවුලේ ප්‍රශ්නයක් නිසා එය විසඳා ගත යුත්තේ අවුල් වන බවයි. ඊට ප්‍රතිචාර ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ පවුලේ කතා අනවශ්‍ය බවය.

ජනාධිපතිවරයා පිරිස අමුතමින් පෙන්වා දී ඇත්තේ තමන් කිසි අවස්ථාවක අගමැතිවරයාට තනතුරෙන් ඉවත් වෙන්න පවසා නැති බවත් තමන්ට සියල්ලටම වඩා තමන්ගේ සහෝදරයා ලොකු බවත්ය.

113 ඇත්තේ නම් කිසිම ප්‍රශ්නයක් නැති බවත් 113 පෙන්වන ඕනෑම කෙනෙකුට අගමැතිකම දීමට තමන්ට සිදුවන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ට 113ක බහුතර මන්ත්‍රී පිරිසක් ඇති බවයි.

No comments:

Powered by Blogger.