අහඹු පරීක්‍ෂණවලින් කොළඹ 20%ක්, අටළුගම 25%ක්, දිවුලපිටියේ 18%ක් කොරෝනා.. මගහැරුනු ආසාදිතයන් සමාජයේ
මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 3%ක් පමණ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නමුත් කොළඹ නගර සීමාවේ දී එම සංඛ්‍යාව 20%ක් වන බවත් අටලුගම ප්‍රදේශයේ දී 25% ක් තරම් ඉහළ යන බවත් දිවුලපිටියේදී 18%ක් බවත් සංගමය සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම පරීක්‍ෂණ අහඹු ලෙස කරන ලද ඒවා නම් එයින් කියැවෙන්නේ මගහැරුනු රෝගීන් සමාජයේ සිටින බව යයිද ඔහු කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

No comments: