Header Ads

Breaking News
recent

කාපට් එකක ඔතා බෝම්බයක් බස් එකේ අරන් ගිය ජෝඩුවක් අල්ලගනී

රෙදි කාපට් එකක ඔතා ‘ක්ලේමෝ බෝම්බයක් යාපනය-මහනුවර බස් රථයක රැගෙන යමින් සිටි යුවලක් පලෙයිවලදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

අත්අඩංගුවට පත් යුවලගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ක්ලේම‌ෝ බෝම්බය ත්‍රිකුණාමලයට රැගෙන යාමට ගෙන ආවක් බව අනාවරණය වී තිබේ.

එමෙන්ම මීට පෙරද මෙම යුවල අවස්ථා කිහිපයකදීම මේ අයුරින් ක්ලේමෝ බෝම්බ ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

2014 වසරේදී ආරක්ෂක අංශ අතින් මරුමුවට පත්වූ ගෝපි නැමැත්තාගේ සහෝදරයකු ස්විට්සර්ලන්තයේ සිට මෙම යුවල මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.


No comments:

Powered by Blogger.