Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් සුව වුණු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සන්නාලියන්ගේ කතාව

අපි රෝහල් ගත වුණු නිසා ඔක්තෝබර් මාසයේ අපට වැඩ කරන්න පුළුවන් වුණේ දින දෙකයි

Covid-19 යනු ලොවක් දණගැස්වීමට සමත් වූ ව්‍යසනයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් මෙන්ම චීනය, ඇමෙරිකාව, ඉන්දියාව ආදී ලොව බලවත් රටවල් පවා මෙම ව්‍යසනයෙන් මහත් පීඩාවට ලක්වී ඇති බව නොරහසකි. 

ශ්‍රී ලංකාව Covid-19 පළමු රැල්ල ඉතා හොඳින් පාලනය කිරීමට සමත් වුවද, මේ දිනවල පැතිරෙන දෙවැනි රැල්ල හ¾දුනා ගැනෙන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවිකාවකගෙනි. මේ නිසාම පසුගිය කාලවකවානුව තුළ විවිධ අයුරින් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගම් ජාලය සමාජය තුළ කතා බහට ලක්වන්නට විය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ පිළිබඳව බොහෝ කතිකාවත් ගොඩනැඟෙන්නට විය.

එම නිසා අපි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ Covid-19 වැල¾දුණු සේවිකාවන් දෙදෙනකු සොයා ගියේ මෙහි සත්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට මෙන්ම Covid-19 පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ අදහසිනි. අප පළමුවෙන්ම සාකච්ඡාවට සම්බන්ධ කර ගත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයෙහි නියුතු සමන්තා හේමමාලි මහත්මියයි. 
සමන්තා මහත්මිය, ඔබට Covid-19 වැලඳී ඇති බව දැනගත්තේ කොහොමද? ඒ මොහොතේ මොකද හිතුණේ?

මට මුලින්ම උණ තිබුණා. ඒ වගේමයි පාචන ගතියකුත් තිබුණා. ඒ නිසා මම ගම්පහ වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගත්තා. එහිදී වෛද්‍යවරයා මට කිව්වා රෝග ලක්ෂණ අනුව වයිරස් උණක් වෙන්න ඇති කියලා. ඉතින් මම ගෙදර ඇවිත් වෛද්‍යවරයා දුන්න බෙහෙත් බීල නිදිය ගත්තා. 

පසුවදා මගේ ශරීර ශක්තිය හොඳින් තිබුණු නිසාත්, රෝගී තත්ත්වය පහව ගිහින් තිබුණු නිසාත් මම වැඩට ගියා. ර්ථී.ඛ්.අ. කළායින් පස්සේ තමයි මට කොරෝනා කියලා දැනගන්න ලැබුණේ. මම ගොඩක් දුක්වුණා. ඒ වගේම මට ගොඩක් බය හිතුණා. මොකද මට ඉන්නේ පිරිමි දරුවන් දෙන්නෙක්. මගේ ලොකු පුතාගේ වයස අවුරුදු 27. පොඩි පුතාට අවුරුදු 20. එයා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. එයාල ගැන තමයි මට ගොඩක් බය හිතුණේ.

Covid-19 වයිරසය වැල¾දුණු රෝගියෙක් නිසා හදිසියේම ඔබට රෝහල් ගත වෙන්න වෙනවා. මේ හේතුවෙන් ඔබට ඇති වූ ගැටලු මොනවාද?

මම කලිනුත් කිව්ව වගේ මට තිබුණු ලොකුම ගැටලුව තමයි මගේ පොඩි පුතා දාලා යන්න වෙන එක. මොකද එයා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්නේ. ඉතින් එයාව තනි කරන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. 

රෝහල්ගත වෙන්න යන වෙලාවෙදි මට මගේ පුතාලා දෙන්නාගේ මූණු දෙක ඉඹින්නවත් බැහැ. ඒ වගේමයි හදිසියේම යන්න වුණ නිසා ඒ අය ගැන බලාගන්න කිසි කෙනෙක්ව කතා කරගන්නවත් බැරි වුණා. ඒක තමයි මට තිබුණු ලොකුම ප්‍රශ්නය. මාව රෝහල්ගත කළායින් පස්සේ මගේ දරුවෝ දෙන්නවත් නිරෝධායනයට යොමු කළා.

ඔබ රෝහල්ගත වෙලා ඉන්න අවස්ථාවේදී නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

කොරෝනා වැලඳිලා ඇති බවට තහවුරු වුණාට පසුව අපිව ගිලන් රථයක් මඟින් කෙළින්ම අපේ ආයතනයට අරගෙන ගියා. ඒ යන අතරෙදි ගිලන් රථයේ ආපු හමුදා නිලධාරීන් දෙදෙනා අපේ හිත් ගොඩක් හැදුව. ඇත්තටම ඔවුන් ඉතාමත් කාරුණික නිලධාරීන් දෙදෙනෙක්. 

ආයතනයට ගියායින් පස්සෙ අපේ සෙරෙප්පු දෙකේ ඉඳල විසබීජහරණය කළා. ඊට පස්සේ බස් රථයකින් අපිව කඹුරුගොඩ රෝහලට අරගෙන ගියා. මම කියන්නම ඕනේ, වෛද්‍යවරුන්ගේ ඉඳලා රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය ඉතාමත් හොඳින් අපට සැලකුවා. ඇත්තටම ඔවුන් දෙවිවරුන්. 

අපිට උදවු උපකාර කරපු වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාමසේවක මහත්වරුන්, ආරක්ෂක අංශවල සියලුම මහත්ම මහත්මීන් ඇතුළු සියලුම දෙනාට ස්තුතියි කියන්න, පින් දෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

රෝහල්ගත වෙලා සිටින කාලවකවානුවේ ඉඳලා මේ දක්වා ඔබ සේවය කරන බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඔබට මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?

මේ අවස්ථාවේදී අපේ බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන සඳහන් කළ යුතුමයි. මොකද ආයතනයෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මේ කොරෝනා තත්ත්වයට පෙර සිටම සෞඛ්‍ය විධිවිධාන නිසියාකාරව අනුගමනය කරන ආයතනයක් තමයි බ්‍රැන්ඩික්ස් ආයතනය.

රෝහල් ගත වුණු වෙලාවෙ ඉඳලා අපට අවශ්‍ය සියලුම දේවල් සපයන්න බ්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කළා. අපට පමණක් නොවේ, නිරෝධායනයට යොමු කෙරුණු අපගේ පවුල්වල අය ගැනත් ආයතනය ඉතා හොඳින් හොයල බැලුව. ඒ අයටත් අවශ්‍ය සියලුම දේවල් සැපයුවා. 

අපි රෝහල් ගත වුණු නිසා ඔක්තෝබර් මාසයේ අපට වැඩ කරන්න පුළුවන් වුණේ දින දෙකයි. නමුත් අපිට සැප්තැම්බර් මාසයේ ලැබුණු වැටුපම, ඔක්තෝබර් මාසේ ලබාදීමට ආයතනය කටයුතු කරල තිබෙනවා. මට පමණක් නොවෙයි, ආයතනය සියලුම දෙනාට ඒ විදියටම වැටුප් ලබා දීලා තිබෙනවා. ඒ නිසා බ්‍රැන්ඩික්ස් ආයතනය අපට ඇති ලොකුම ශක්තිය කියලා මම කියන්න කැමැතියි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පළමු කොරෝනා රෝගියා වාර්තා වුණු මොහොතේ සිට මේ වන තෙක්ම බ්‍රැන්ඩික්ස් ආයතනයට බොහෝ දෙනා නොයෙකුත් චෝදනා කරනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

ඇත්තටම මමත් දැක්කා සමාජ මාධ්‍යවල අපේ ආයතනයට විවිධ ‍ෙදා්ෂාරෝපණ එල්ල කරලා තිබෙනවා. මම මුළු ලෝකයටම කියන්න කැමැතියි බ්‍රැන්ඩික්ස් සමූහය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඉතා සුවිශේෂී සමාජ මෙහෙවරක් සිදු කරපු ආයතනයක්. ගොඩක් අය ඒ කිසිම දෙයක් දන්නෙ නැහැ. 

අපි කිසිම කෙනෙක් මේ රෝගය බලෙන් හෝ ආශාවෙන් බෝ කර ගත්තේ නැහැ. මේක කාටත් හැදෙන්න පුළුවන් රෝගයක්. මොනයම් හෝ හේතුවක් නිසා අපේ ආයතන ඇතුළටත් මෙම රෝගය ඇවිල්ලා තිබෙනවා. ඉතින් මම මේ රටේ ජනතාවට කියන්නේ මේ සිදුවීම නිසා අපේ රටට මහා මෙහෙවරක් සිදු කරපු බ්‍රැන්ඩික්ස් ආයතනයට නිකරුණේ චෝදනා කරන්න එපා කියන එක.

සමන්තා හේමමාලි මහත්මිය මෙන්ම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කල්හාරි දිල්රුක්ෂිකා ලියනගේ මහත්මිය ද Covid - 19 වයිරසය වැලඳී සුව වුණු තැනැත්තියක්. ඇය හා සාකච්ඡා කළේ ඇයගේ අත්දැකීමත් පාඨක ඔබ සමඟ බෙදා හදා ගන්නා අදහසිනි.

කල්හාරි මහත්මිය, අපට ඔබ පිළිබඳව විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

මගේ නම කල්හාරි දිල්රුක්ෂිකා ලියනගේ. මම ජීවත් වෙන්නේ නයිවල ප්‍රදේශයේ. මගේ ගෙදර ඉන්නේ මගේ අම්මා සහ වයස අවුරුදු නවයක් වන මගේ දියණිය. මම දැනට වසර තුනක් පමණ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනවා. මගේ අම්මත් වසර දහතුනක් පමණ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරලා තිබෙනවා.

ඔබට කොරෝනා තිබෙන බව දැන ගත්තෙ කොහොමද?

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාවත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුවා. ඒ වෙලාවෙදි තමයි දැනගත්තෙ මට කොරෝනා වයිරසය වැලඳිලා තිබෙනවා කියලා. නමුත් මට රෝග ලක්ෂණ හෝ ඇඟට කිසිම අපහසුවක් නොතිබුණු නිසා මට ඒ තරම් ලොකු බයක් හෝ හැඟීමක් ඇති වුණේ නැහැ.

හදිසියේම රෝහල්ගත වෙන්න වුණාම ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

අවුරුදු නවයක් වයස මගේ දුවව සහ අම්මව තනියම දාලා යන එක තමයි මගේ හිතට වද දුන්න ප්‍රශ්නය වුණේ. නමුත් අසල්වාසීන් ඉතාමත් සුහදශීලීව ඒ අය ගැන හොයලා බැලුවා. මාව I.D.H. රෝහලට ඇතුළත් කළා. පසුව මගේ මව සහ දියණියව මාදුරුඔය නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබුණා. එහිදී මගේ මවට නම් වයිරසය වැල¾දුණේ නැහැ. නමුත් මගේ දියණියට වයිරසය වැල¾දුණා. ඒ වෙලාවෙදි ඇය වැලිකන්ද රෝහලට ඇතුළත් කළත් පසුව I.D.H. රෝහල වෙතට මාරු කළා. ඒ වෙනුවෙන් මගේ ආයතනයත් මට උපකාර කළා.

ඔබව රෝහල්ගත කළායින් පසුව රෝහල් කාර්ය මණ්ඩලයෙන් සහ නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඇත්තටම ඔවුන් ඉතාමත් සුහදව සහ කාරුණිකව අප සියලුම දෙනාට සැලකුවා. මාත් ඇතුළුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ අපි දාසය දෙනෙක් පමණ I.D.H. රෝහලේ ප්‍රතිකාර ලැබුවා. අප සියලුම දෙනාට ඉතාමත් හොඳින් රෝහල් කාර්ය මණ්ඩලය සැලකුවා.

ඒ වගේමයි සියලුම නිලධාරීන් තම තමන්ගේ වගකීම් යුතුකම් නිසියාකාරව ඉටු කරමින් අපට ඉතා හොඳ මානසික මට්ටමකින් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව සලස්වා දුන්නා කිව්වොත් මම නිවැරදියි. ඒ නිසාම අපි ඉතාමත් සැහැල්ලුවෙන් තමයි රෝහලේ ප්‍රතිකාර ලැබුවේ. අපි කතා බහ කළා, විහිළු තහළු කළා, සින්දු කිව්වා. ඒ විධියට අපිට සැහැල්ලුවෙන් කාලය ගත කරන්න සියලුම නිලධාරීන් ඉතා දැඩි කැප කිරීමක් කළා.

රෝහල්ගත වීමෙන් පසුව බ්‍රැන්ඩික්ස් ආයතනය ඔබට මොන වගේ සහයෝගයක්ද ලබා දුන්නේ?

අපි රෝහල්ගත වෙලා හිටපු කාලෙදි බ්‍රැන්ඩික්ස් ආයතනය අපිට කිසිම අඩුපාඩුවක් වෙන්න දුන්නේ නැහැ. රෝහල්ගත වෙන්න එද්දි ගොඩක් අය ඇඳගෙන හිටපු ඇ¾දුම විතරයි ගෙනාවෙ. අපි හැමෝටම සෙරෙප්පු දෙකේ ඉඳලා ඇ¾දුම්, ආහාර පාන යන කිසිවකින් අඩුපාඩුවක් වෙන්න අපේ ආයතනය ඉඩ තිබ්බෙ නෑ. ඒ වගේමයි මගේ දුවට පවා අවශ්‍ය සියලුම දේවල් වගේම පහසුකම් අපේ ආයතනය මඟින් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, සැප්තැම්බර් මාසයේ වගේම ඔක්තෝබර් මාසයේත් සම්පූර්ණ වැටුපම ලබා දෙන්න ආයතනය කටයුතු කළා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා මේ සියලුම දේ වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයට ස්තූතිය පුද කරන්න.

සමාජ මාධ්‍ය මඟින් බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනා පිළිබඳව ඔබ මොකද හිතන්නෙ?

ඇත්තටම ඒ හැම චෝදනාවක්ම බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳව හරි හැටි නොදන්නා අය ප්‍රචාරය කරපු වැරදි මත. බ්‍රැන්ඩික්ස් සමූහය මේ රටේ 40,000කට වැඩි පිරිසකට රැකියා ලබාදීලා තිබෙන ආයතනයක්. ඒ වගේමයි මේ රට වෙනුවෙන් ඉතා සුවිශේෂී සේවාවන් රැසක් සිදු කරන බ්‍රැන්ඩික්ස් වගේ ආයතනයකට මේ විදිහට චෝදනා කිරීම වැරදියි. මේ රටේ දියුණුවට, යහපතට සුවිශාල සමාජ මෙහෙවරක් ඉටු කරන බ්‍රැන්ඩික්ස් වගේ ආයතනයක් එක් කරුණක් නිසා අපකීර්තියට ලක් කිරීම වැරැදියි කියලයි මම කියන්නෙ.

කෙසේ වුවද මෙම වයිරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගන්නා තුරු අපගේ එදිනෙදා කාර්යභාරයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී තිබේ. මේ නිසාම අප කවුරුත් පාහේ අපගේ සමාජ වගකීම් නිවැරදි ආකාරයෙන් හ¾දුනා ගත යුතුය. එහිදී අප ඔබට අවධාරණය කරන්නේ රජය මඟින් හ¾දුන්වාදී ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසියාකාරව පිළිපදිමින් ඔබගේ මෙන්ම සමාජයේද ආරක්ෂාව වෙනුවෙන් කැපවන ලෙසයි.


ළහිරු ධනංජය - 'මව්බිම'

No comments:

Powered by Blogger.