Header Ads

Breaking News
recent

මහර රැදවියන් පිරිසක් කොරෝනා පරීක්‍ෂා සිදු කර නිවෙස්වලට යවයි

ප ලැබීමෙන් පසුවද මහර බන්ධනාගාරයේ රඳවා සිටින සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂණ සිදුකර සිය නිවෙස් වලට යැවීමට කටයුතු සූදානම් කර තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක කාරක සභාවට සහභාගි වූ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදහස් පන්සියයක් පමණ පිරිස අතරින් 189 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමී බවත් පැවැසූ ඔහු බන්ධනාගාරය තුළ පහසුකම් වැඩි කිරීමේ කටයුතු සිදුකරන බවද කියා සිටියේය.

එම බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග තුනකට අයත් පෙති විසි එක් දහසක් පමණ තිබුණු බවත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ රැඳවියන් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූයේද යන්න විමර්ශනය කරන බවත් ඔහු කියා සිටියේය.


No comments:

Powered by Blogger.