Header Ads

Breaking News
recent

අද රාත්‍රී වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක් – රළ උදම් රළටත් වඩා වැඩි වීමේ තත්ත්වයක් !

“බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 – 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින බවය.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වේ. ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පූනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.


No comments:

Powered by Blogger.