Header Ads

Breaking News
recent

ජනපතිගෙන් ඓතිහාසික තීන්දුවක්… කොරෝනා මඩින හෙල ඔසුවට අනුමැතිය

කොරෝනා හෝ වෛරස සුව කිරීම සඳහා දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් ඖෂධය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත. කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම දේශීය ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ කටයුතු පූර්ණ රාජ්‍ය මට්ටමින් සිදු කිරීමටත් අනුමැතිය ලබා දී තිබේ.

 ඒ සම්බන්ධයෙන් ‍ඉදිරි කටයුතු රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට ද ඔහු දැනුම් දී ඇත.

 එම පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අවශ්‍ය වන සෙසු රාජ්‍ය ආයතනවල පූර්ණ සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇත.


No comments:

Powered by Blogger.