Header Ads

Breaking News
recent

මහර බන්ධනාගාර ගැටුම : මියගිය ගණන 11ක් දක්වා ඉහළට - විශේෂ මෙහෙයුමකින් පසු රැඳවියන් යලි සිරමැදිරි වලට

හර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. තුවාල ලැබූ පිරිසෙන් 105 දෙනෙකු රැඳවියන් වන අතර ඒ අතරට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වන විට රාගම රෝහලේ රැඳවියන් 80 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර තවත් එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.

තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙත යොමු කොට තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 

මහර බන්ධනාගාරයේ ඇතුලත නිදැල්ලේ සිටි රැඳවියන් සියලු දෙනා මේ වන විට ඔවුන් ගේ සිර මැදිරි සහ වාට්ටුව තුලට ඇතුලත් කිරිමට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරින් 600ක ගේ කණ්ඩායමක් කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මියගිය පුද්ගලයින් 11 දෙනා ගේ මරණ පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


No comments:

Powered by Blogger.