බොරු පැණියක් ප්‍රවර්ධනය කරලා රජය මෙරට ආයුර්වේදයට කළහැකි ලොකුම අපහාසය කරනවා - සජිත්
කොවිඩ් - 19 වසංගතයට එරෙහිව මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල් ජනතාව වෙත ලබාදීම ආරම්භ කර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති රජය පරීක්ෂණයට ලක් නොවූ බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් එන්නත කෙරෙහි වන ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
"ප්‍රධානතම ප්රශ්නය තමයි කොවිඩ් ප්රශ්නය. ලෝකයේ අනිත් රටවල් වල රජයේ සල්ලි වලින් එන්නත මිලදීගෙන ජනතාවට ලබාදෙනකොට අපේ රටේ වැඩපිළිවෙල මොකක්ද ? කිසිදු වැඩපිළිවෙලක් නෑ.
කොවිඩ් 19 නිසා අපේ රටේත් සමස්ත ආර්ථිකයම කඩාවැටිලා තිබෙනවා. නමුත් ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා කිසිම වැඩපිළිවෙලක් නෑ.
හැබැයි ඉතාමත්ම උපක්රමශීලීව විවිධ ජවනිකා තුළින් මේ රජය අමුතු දේවල් නිර්මාණය කරමින් ඉන්නවා. එක නිර්මාණයක් තමයි ප්‍රමිතියක් නැති, පරීක්ෂණයට ලක් නොවුණු පැණිය. මේ රටේ ආයුර්වේද ක්ෂේත්රයට කරන්න පුළුවන් ලොකුම අපහාසය ලොකුම නිග්‍රහය කරලා මේ බොරු පැණියක් රජය නියෝජනය කරන මැති ඇමතිවරුනුත් ඒ පැණිය බීලා රටට පෙන්වන්න හදනවා මේක තමයි විසඳුම කියලා.
ඒ කරන්නෙ මොකද ? රජයට හැකියාවක් නෑ එන්නත පිළිබඳ විසඳුමක් ලබාදෙන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (29) සෙල්ලකතරගම ප්‍රදේශයේ පැවති "විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන අමතමිනි.
No comments: