Header Ads

Breaking News
recent

“කාන්තා වර්ණනා උගන්වන්න තරම් පෞරුෂයක් මේ ගුරුවරයාට නැහැ” – විශාඛා විදුහල්පතිනිය පිරිමි ගුරුවරයෙකු ප්‍රතික්ෂේප කරයි !

සස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා තම විදුහලට පිරිමි ගුරුවරයකු නුසුදුසු යැයි කියමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම විදුහලට පැමිණි ගුරුවරයකු ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට පැමිණ ඇත්තේ ඉකුත් 4 වැනිදා ය.

බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් ලිපිය විදුහල්පතිනියට පිළිගැන්වූ අවස්ථාවේ දී “ ඔයාට මෙහෙ ඉඩ නැහැ. සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න පිරිමි ගුරුවරයෙක් සුදුසු නැහැ” කියමින් එම ලිපිය තමන් වෙත දමා ගැසූ බවට එම් ගුරුවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

එමෙන්ම විදුහලේ ආරක්ෂකයන් යොදවා තමන් විදුහලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනිය කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ පිළිබඳව එම ගුරුවරයා බම්බලපිටිය පොලිසියට ද පැමිණිලි කර ඇත.

මෙම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනුව ය.

“උසස් පෙළ සිංහල විෂයය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරයකු පැමිණ නැහැ. ඒ විෂයයේ කාන්තා වර්ණනා තියෙනවා. ඒ වර්ණනා උගන්වන්න තරම් පෞරුෂයක් මේ ගුරුවරයාට නැහැ” මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරුදුන් විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොල පැවසුවා ය.

මෙම ගුරුවරයා පාසලට ස්ථාන මාරු නොකරන ලෙස තමන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව කී විදුහල්පතිනිය එම ඉල්ලීම ගුරුමාරු මණ්ඩලය පිළිගෙන නැතැයි ද මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාට පැහැදිලි කර දුන් බව ද වැඩිදුරටත් කියයි.

-newshub


No comments:

Powered by Blogger.