Header Ads

Breaking News
recent

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හෙරොයින් චෝදනාව බොරුවක් බව හරීන් – සායනික පරීක්ෂණයකින් ඔප්පු කර පෙන්වයි.

පසුගිය දා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකුම, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙත චෝදනා කරමින් සිටියේ සිටියේ, ඔහු තහනම් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන බවට තමන් සැක කරන බවයි. ඒ අනුව, හැකිනම්, වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී, එවැනි තහනම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර නැති බව ඔප්පු කර පෙන්වන්නැයි, ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුවන ෂෙහාන් සේමසිංහ විසින් ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අභියෝග කර සිටියේ ය.

කෙසේ වෙතත්, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, තමන්, හෙරොයින් හෝ වෙනත් එබදු කිසිදු ආකාරයක අන්තරායකර මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන බව වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තහවුරු කර තිබේ.

මන්ත්‍රීවරයා අදාල පරීක්ෂණයට මුහුණ දීමෙන් පසුව ලබාගෙන ඇති වෛද්‍ය වාර්තාව, පහත අප පළ කරමු.



No comments:

Powered by Blogger.