Header Ads

Breaking News
recent

යාපනේට කොවිඩ් ගෙනා පාස්ටර් ස්විස්ටර්ලන්තයේ දී මිය යයි

සුගිය වසරේ අප්‍රේල් මාසයේදී යාපනයට පැමිණීම නිසා පුද්ගලයින් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත් කළ  ස්විස්ටර්ලන්තයේ සෙල්වරාජා පෝල් සත්කුණරාජා පාස්ටර්වරයා 17 දා ස්විස්ටර්ලන්ත රෝහලකදී මියගොස් තිබේ. යාපනයේ පිහිටි ස්විස් දේවස්ථානයේ ආරංචි මාර්ගවලට අනුව ඔහුව හෘදයාබාධයක් වැළඳීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

1959 වසරේදී යාපනයේදී උපත ලද මොහු මුලින් ශිව ආගමිකයෙකු වූ අතර පසුව ජර්මනියට ගොස් කිතුණු දහම හදාරා 1988 වසරේදී පාස්ටර් වරයෙකු බවට පත්ව තිබේ.

ස්විස්ටර්ලන්තයේ මෙම ප්‍රධාන පල්ලියේ ශාඛාවක් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ ඇති අතර ඔහු පසුගිය අප්‍රේල් මාසයෙදී එම පල්ලියට පැමිණ කොවිඩ් රෝගය සදහා විශේෂ යාඥාවක් පැවැත්වූ අතර ඊට සහභාගී වූ යාපනයේ 16 කොරෝනා රෝගය වැළදුණු අතර වවුනියාව හා අනුරාධපුර ප්‍රදේශ වල 42 දෙදෙනෙකුට නිරෝධායනය වීමටද සිදු වුණි.

අනුරාධපුරයේ ඔහු නවාතැන් ගත් සුපිරි හෝටලයක මේ පාස්ටර්වරයා නවාතැන් ගැනීම නිසා එම හෝටලය දින කීපයකට වසා දැමීමටද සිදු වුණි.


No comments:

Powered by Blogger.