Header Ads

Breaking News
recent

සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි.. ඒකයි කොරෝනා හැදුනේ..- ධම්මික බණ්ඩාර

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසයි.

නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය කළ අය මෙතෙක් වෛරසය ආසාදන වී නැති බවද ඔහු පැවසීය.

තමන් සෞඛ්‍ය ඇමතිනියට ඖෂධ ගෙනිහින් දුන් බවත් එම අවස්ථාවේ හැන්දකින් එය පානය කළද පසුව කෙසේ භාවික කලේ දැයි තමන් නොදන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කීය.

No comments:

Powered by Blogger.