Header Ads

Breaking News
recent

කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි

 
කාති උසාවි ක්‍රමය යනු මෙරට අධිකරණ පද්ධතිය තුල ඇති කොටසක් බවත් එය වෙනස් කරන්නේ නම් ඒ සදහා නීති ගෙන ආ යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. කාතිවරුන් පත් කිරීමට අයදුම්ත් කැදවා ඇත්තේ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් බවත් තමන් ඊට කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඔහු සදහන් කරයි.

අධිකරණ සේවා කොමිසන් සභාව යනු ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන්ම වෙනම ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් බවත් අධිකරණ ඇමතිවරයා කියා සිටී.

වෙනත් ක්‍රමයක් හෝ නීතියක් එනතුරු දැනට තිබෙන අධිකරණවලට නඩුකාරවරුන් පත් කිරීම කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

කාති උසාවි මෙරට වසර 72ක් තිස්සේ ව්‍යවස්ථාගත කර ඇති නීතියක් යයිද ඔහු වැඩි චුරටත් කියා සිටී.

No comments:

Powered by Blogger.