Header Ads

Breaking News
recent

දුපත්වලට ජාත්‍යන්තර ලංසු කැඳවලා

දෙමුහුන් පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘතියක් සඳහා දූපත් තුනක ඉදිකිරීම් වෙනුවෙන් ජාත්‍යන්තර ලංසු කැඳවා ඇති බව කැබිනට් තීරණවලින් හෙළිවේ. මෙම ලංසු කැඳවීම අනුව චීනයේ M/s Sinosoar – Etechwin Joint Venture සමාගමකට අදාළ කොන්ත‍්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත. මේ අනුව නාගදීපය, ඩෙල්ෆ් සහ අනලතිව් දූපත් ආශ්‍රිතව මෙම පුනර්ජනනීය දෙමුහුන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙයට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා මන්නාරම් දුපත් ආශ්‍රිතව ‘තම්බපවනි’ නමින් සුළං විදුලි ව්‍යාපෘතියක් අගමැතිවරයා විසින් විවෘත කරනු ලැබීය. එයින් මෙගාවොට් 103.5ක විදුලිබලය උත්පාදනය කරන බව ආණ්ඩුව ප‍්‍රකාශකර තිබුණි. මේ සඳහා විදුලි කුළුණු 24ක් ඉදිකර තිබුණද මේ වනවිට විදුලි ජනනයට යොදාගෙන ඇත්තේ කුළුණු 03ක් පමණක් බව හෙළි වී තිබේ. එයින් නිෂ්පාදනය කර තිබෙන්නේ මෙගාවොට් 15ක් පමණි.

මෙසේ තිබියදී මෙරට දූපත් චීන සමාගමකට විදුලි උත්පාදනය සඳහා වන ව්‍යාපෘතිය ලබාදීමට කැබිනට් අනුමැතිය දී ඇත.

-lankatruth

No comments:

Powered by Blogger.