Header Ads

Breaking News
recent

වත්කම් අත්හිටුවීමක්: සංචාරක තහනමක්: මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට සැර වාර්තාවක්

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් අත්හිටුවීම, සංචාරක තහනමක් පැනවීම ඇතුළු නිර්දේශ රැසක් සහිත දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ආණ්ඩුව වෙත එවා ඇත.

මෙවර ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී පවා මෙම යෝජනා ඉදිරිපත් වනු ඇති බව දැනගන්නට තිබේ.

එමගින් ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාත්‍යන්තර යුදු අපරාධ අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද, යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීම සම්බන්ධයෙන්ද මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් නිර්දේශ කර තිබේ.

මෙම වාර්තාව සදහා පිළිතුරු ලබා දීමට ආණ්ඩුවට ජනවාරි 27 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ මෙම වාර්තාව දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත සහ යම් යම් චෝදනා මුල් කරගෙන සකස් කොට ඇති එකක් බවත්, ඊට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවත්ය.

No comments:

Powered by Blogger.