මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ - හිටපු ජනපති
කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ මෘත දේහ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බවයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස තමන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මතය පිහිටන බව ද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ද හිමි විය යුතු යැයි ද ඔහු පවසයි.
සුළු ජාතිකයන්ගේ හැඟීම් වලට හානි කරමින් රට දියුණු කළ නොහැකි බවද එහිදී සිරිසේන මහතා සඳහන් කර තිබේ.
ආර්ථික සංවර්ධනය සහ ප්රජාතන්ත්රවාදය රටේ සෑම ජන කොට්ඨාසයක් අතර ම සමානව බෙදී යාම සුරක්ෂිත කළ යුතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
No comments: