Header Ads

Breaking News
recent

ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි

මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමග ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි. ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය.

තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.

මිනිසා සැදී ඇති පසෙන් බවත් පසටම පොහොර විය යුතු බවත් තම ආගමේ ඇතැයිද ඔහු පැවසීය.

ආදායනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බවද ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.