Header Ads

Breaking News
recent

Confirmed : ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි

කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව එම එන්නත සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ භාවිතයට වඩාත් සුදුසු වන්නේ ඉන්දියාවේ නිපදවූ ඔක්ස්ෆර්ඩ්හි පර්යේෂණය කළ ඇස්ට්‍රොසෙනෙකා එන්නත බවත් එම එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා අවසන් මට්ටමේ පවතින බවද ඔහු සඳහන් කළේය.

එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම ද මේ වෙන විට අවසන් බව ද ඔහු පැවසීය.

ඇමරිකාවේ ෆයිසර් එන්නත 94.5%ක සාර්ථකත්වයකින් යුක්ත වුවත් එන්නතක් ඩොලර් 20ක මිල හා -70 ක උෂ්නත්වයේ ගබඩා කිරීමට සිදුවීම හේතුවෙන් මෙරට භාවිතය අපහසු බව ද ඔහු සඳහන් කළේ ය.

එම පහසුකම් සමග ෆයිසර් එන්නත රුපියල් 10,000 ක පමණ මුදලක් වැයවන බව ද කී වීරතුංග මහතා ඔක්ස්ෆර්ඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර හැකි වන බවත් ඇමෙරිකානු ඩොලර් 03කට පමණ මිලදී ගත හැකි බවත් ඔහු කියා සිටියේය. එහි සාර්ථකත්වය 90% බවත් ඔහු පැවසීය.


No comments:

Powered by Blogger.