Header Ads

Breaking News
recent

NGO හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිංහල දරුවන් 9 ලක්ෂයක් වඳ කරලා - ඥාණසාර හිමි

රාජ්‍ය නොවන සංවිධාන 2ක් හා රාජ්‍ය මැදිහත්වීම තුළ පසුගිය දශකයේ පමණක් මේ රටේ සිංහල දරුවන් 8,90000ක් වඳකර ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

"මේ රත්තරං අම්මලා තේරුම් ගන්න මවු පදවිය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය. බුදුවරු, නබිවරු, ශ්‍රේෂ්ඨ නයකයෝ පාලකයෝ මේ කවුරුත් බිහි කරන්නේ අම්මලා. ඒ නිසා මව් පදවිය කියන්නේ හරිම උත්තරීතර එකක්. මේ රට ඇතුලේ අවිද්‍යාත්මක දේශපාලනය නිසා අපේ රටේ නොයෙක් අගහිඟකම් මැද ජීවත් වීමේ සටනක යෙදිලා ඉන්නවා. එහෙම තියාගෙන දරුවෙක් මල්ලෙක් දෙන්නෙක් හදන්නේ." යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද කීහ.

‘‘ මේ රටේ ගැබිනි මව්වරුන් 5000කට විතර අපි එක වේලක් හරි කුස පුරවා ගන්න අවශ්‍ය දානමය පිංකමක් කළා. ඒ වගේම මැදිරිගිරියේත් අපේ ජනතාවගේත් ඉල්ලීමක් ලැබුණු වෙලාවේ අපි ඒ කටයුත්ත සිද්ධ කළා. ගැබිනි මව්වරුන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා නොයෙක් දුෂ්කරතා මැද්දේ. කොරෝනා වසංගතය නිසා මේ තත්ත්වය උග‍්‍ර වෙලා තියෙනවා මේකට අපි මොකුත් මැදිහත්වීමක් කරන්න පුළුවන් ද කියලා අපේ දායක මහත්මිය ඇසුවා. ඒ වෙලාවේ අපි සූදානම් කළා. අපි මේ කටයුත්ත කරන්නේ හරිම සන්තෝෂයෙන් හරිම ආදරයෙන්. දරුවෝ තමයි ලෝකයේ තියෙන වටිනාම සම්පත. ඒ බව ලෝකෙට කියාපු ශාස්තෘවරයා බුදුහාමුදුරුවෝ. පුත්තා වත්තු මනුස්සානං මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන එකම මිල කළ නොහැකි වස්තුව දරුවෝ. ලොකුම ධනය දරුවෝ. ඔබ දන්නවාද පහුගිය අවුරුදු 10 ට මේ රට ඇතුළේ සිංහල දරුවෝ 8,90000 දරුවෝ වඳ කරලා තියෙනවා. පොඩි ප‍්‍රමාණයක් නෙමෙයි. ආයතන දෙකක් සම්බන්ධ කරගෙන මේක කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙතන ඉන්නේ තරුණ අම්මලා. තව දරුවෝ හදන්න පුළුවන්. මේ මහ පොළව දරුවන් ඉල්ලනවා. පී.එස්.එල්. කියලා ආයතනයක් තියෙනවා පොපියුලේෂන් සර්විසස් ලංකා කියලා. තව ආයතනයක් තියෙනවා මාරි ස්ටොක් කියලා. එංගලන්තයේ නෝර්වේ ආධාර ලබලා 1973 අවුරුද්දේ පටන් ගත්ත, ඒ අය තමයි මේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ගෙනාවෙ. ලෝකයේ ඒ වෙලාවේ ජනගහනය පාලනය කිරීමේ වැඩපිළිවෙළ අනුව. 1973 හදපු පනතේ මොකද්ද කියලා තියෙන්නේ? අවුරුදු 26 සම්පූර්ණ නම් කාන්තාවක් දරුවෝ දෙන්නෙක් හදලා ඉන්නවා නම් නිල වශයෙන් අවසරය ලැබෙනවා එතනින් එහාට එල්ආර්ටී සැත්කම කරගන්න. ඒ කියන්නේ දරුවෝ ඕන නෑ. ඒ ඒ කියන්නේ වඳ සැත්කම් කරගන්න.

මේ රාජ්‍ය නොවන සංවිධාන දෙක රාජ්‍යයේ ද මැදිහත්වීම ඇතුව මේක කළේ. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා. හැම ආණ්ඩුවේම මහ එවුන්ට කිව්වා පයිසෙකට ගණන් ගත්තේ නෑ. හැබැයි ජාතිය රැුක ගන්න කතාව. මේක කඳුළු කතාවක්. 8,90000ක් වඳභාවයට පත් කරලා තියෙනවා මේ රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීම ඇතුව. මේ ගමේ ඉන්න වින්නබු අම්මලා පාවිච්චි කරනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පාවිච්චි කරනවා. එහෙම කරගන්න අයට රුපියල් 3000ක මුදලක් ලබා දෙනවා. ඒ වඳ සැත්කම කර ගත්තට පස්සේ අම්මා කෙනෙකුට රුපියල් 500කුත් දෙනවා. ඒක කරන්න වෙනම වැඩපිළිවෙළකුත් ක‍්‍රියාත්මක වෙනවා. මේ රත්තරං අම්මලා තේරුම් ගන්න මවු පදවිය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය. බුදුවරු, නබිවරු, ශ්‍රේෂ්ඨ නයකයෝ පාලකයෝ මේ කවුරුත් බිහි කරන්නේ අම්මලා. ඒ නිසා මව් පදවිය කියන්නේ හරිම උත්තරීතර එකක්. මේ රට ඇතුලේ අවිද්‍යාත්මක දේශපාලනය නිසා අපේ රටේ නොයෙක් අගහිඟකම් මැද ජීවත් වීමේ සටනක යෙදිලා ඉන්නවා. එහෙම තියාගෙන දරුවෙක් මල්ලෙක් දෙන්නෙක් හදන්නේ. අපි අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසය ගැන කතා කරනවා. උරුමය ගැන කතා කරනවා. එක තව අවුරුදු සිය ගණනක් පවත්වාගෙන යන්න නම් ගොඩනැගිලිවලට ඒක කරන්න බෑ. මිනිස්සු ඉන්න ඕන. දරුවෝ ඉන්න ඕන. ඈත අතීත මුතුන්මිත්තෝ තමන්ගේ අතට පත් වෙච්ච නිවන් මග අතහැරලා අපේ මේ මහ පොළව වෙනුවෙන් කැපවුණා. මවුබිම ආරක්ෂා කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කැප වුණා.

අද මේ රට කරවන අයගේ ඉඳලා හැම කෙනෙක්ම හිතට ගන්න ඕන දුප්පත්කම අගහිඟකම පැනිරහක් කරගන්න. මේ මහ සුන්දර වටපිටාවක්. සුන්දර වනාන්තර. සොබාදහමෙන් පෝෂණය වෙලා මේ මේ මහ පොළවේ සාරය උරාගෙන මහා රූස්ස ගස් හැදෙන්නේ. අද හෑම විෂය පතයකම වැඩ කරන්නේ කවුද දුප්පත් අම්මලාගේ දරුවෝ. අම්මා කෙනෙක් තමයි මේ ජාතිය රකින කුටුම්භය. අපි බෙදා හදාගෙන එකට හැදුණු ජාතියක් අපි. ලැබෙන දේ බෙදා හදාගෙන සමගියෙන් ජීවත් වෙන්න උගන්නපු ජාතියක්. ඒ නිසා මේ අද දවසේ තිකො සමූහ ව්‍යාපාරයේ තිලිණි නෝන, මගේ පන්සලේ දායක දායිකාවන් මේ හැමෝම මේකට දායක වුණා.”

උන්වහන්සේ මේ බව පැවසුවේ මැදිරිගිරිය මව්වරු 450කට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

(දිවයින)


No comments:

Powered by Blogger.