Header Ads

Breaking News
recent

ලංකාව කොරෝනා මර්දනයෙන් ලෝකයේ 10 වෙනියා.. ඒක අපි ලද විශාල ජයග්‍රහණයක් !

මිලියන 22 ක් වූ ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් සංචාරක කර්මාන්තය හා අනෙකුත් දෛනික කටයුතු සදහා රට විවෘත කළ යුතු සේම ආයෝජනයටත් ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මිනුවන්ගොඩ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වී මාස නවයක් යනතුරු හරියට වැඩක් කරන්න හම්බවුනේ නැහැ. අපිට තිබුනේ සුළුතර ආණ්ඩුවක්. අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. කොවිඩ් බලපෑම හමුවේ මැතිවරණය තියලා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවලා පසුගිය වසරේ පළමු අයවැය ඉදිරිපත් කරලා 2021 වර්ෂය තුළ විශාල වැඩ කොටසක් ඉටු කිරීමට සැලසුම් කර තිබෙනවා.

අපි මේ සෑම කටයුත්තක්ම කරන්නේ ලෝකයම මුහුණ දී තිබෙන අසාමාන්‍ය තත්ත්වයක් තුළ. අපි මෙවැනි තත්ත්වයකට කවදාවත් මුහුණ දීලා තිබුනෙ නැහැ. යුද්ධය පැවති කාලයටත් වඩා ඉතා අමාරු තත්ත්වයකට මුහුණ දීලා ඉන්නේ. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට, ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබුනා. දැන් කොරෝනා එක පරද්දන්න සියලු දෙනා යුද්ධය කාලේ එකතු වුනා වගේ එකතු වෙන්න ඕනේ. ලෝකයේ බලවත්, ධනවත් රටවල් අතුරින් අපි කොරෝනා මර්දනය හා අවම කිරීම අතින් 10 වෙනි ස්ථානයේ ඉන්නේ. ඒක අපි ලද විශාල ජයග්‍රහණයක්.

ලෝකයේ බිලියන 7කට වැඩි ජනතාවගේ කැමැත්ත කොවිඩ් අඩු වෙනවට, හැබැයි අපේ විපක්ෂයේ බලාපොරොත්තුව කොරෝනා වැඩිවෙලා, රෝහල්වල ධාරිතාවය වැඩිවෙලා, මිනිස්සු මිය යනවට.

විපක්ෂය යුද්ධය දිනන්න බැහැ කීවා. කොරෝනා එක පාලනය කරන්න බැහැ කීවා. විපක්ෂය ගොඩක් දුක්වුන දවස තමා ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා ලංකාවට ඇවිල්ලා කොරෝනා එන්නත ලංකාවට දෙනවා කියලා කියපු දවස. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය තාන්ත්‍රිකව පවත්වන සබදතා හේතුවෙන් තමා ඉන්දියාව, චීනය, රුසියාව හා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් එන්නත අපේ රටට ලබා දෙන්න කටයුතු කරන්නේ.

පසුගිය අවුරුදු 70 ක් හිටපු නායකයින්ට බනිනවා මුකුත් කලේ නැහැ කියලා. ඒ එක නායකයකුටවත් මේ සමහර සංවිධාන වැඩ කරන්න දුන්නේ නැහැ. ඒ නිසා රට ආපස්සට ගියා යැයි” අමාත්‍යවරයා කීය.

– මාධ්‍ය ඒකකය


No comments:

Powered by Blogger.