Header Ads

Breaking News
recent

රුපියල් 1000 වැටුප දෙන්න බැරි නම් වතු ටික නැවත රජයට බාරදීලා අත හෝදාගන්න - මහින්දානන්ද

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට නොහැකි නම් වතු සමාගම් එම වතු රජය වෙත බාරදිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. 

"වතු කම්කරුවන්ට රුපියල් 1000ක් වැටුප් ලබාදෙන්න කියලා ආණ්ඩුව තීන්දු කළත් තාම සමාගම් ඒ පඩිය දෙන්නෙ නෑ. ඒ නිසා දැන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරනවා වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති. ඒ වැඩවර්ජනයට අපේ සම්පූර්ණය සහයෝගය අපි ලබාදෙනවා. 

අපි ඉන්නෙ වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුප දෙන්න ඕනෙ, ඒක අනිවාර්යයෙන්ම ලබාදෙන්න ඕනෙ කියන තැන. ඒ නිසා වතු සමාගම්වලට ඒ 1000 පඩිය දෙන්න බැරිනම් අපි කියනවා වතු සමාගම් වලට ඒ වතු ටික නැවත රජයට බාරදීලා අත හෝදාගන්න යන්න කියලා. ආණ්ඩුවට හැකියාව තියෙනවා මේ වතු සමාගම් ටික කරන්න, වතු කම්කරුවන්ට ඒ වැටුප ලබාදෙන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. 

No comments:

Powered by Blogger.