යුද්ධ දෙකක් තියෙද්දිත් රණසිංහ ප්‍රේමදාස විදෙස් ආයෝජන ගෙන්වා ගත්තා. මේ රජයට වැඩපිළිවෙලක් නෑ - සජිත් (video)
රටේ යුද්ධ දෙකක් පවතින මොහොතක පවා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විදෙස් ආයෝජන ගණනාවක් මෙරටට ගෙන්වා ගැනීමට සමත් වූ බවත් වත්මන් රජයට එවැනි කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආයෝජකයින් රටට පැමිණීමට නම් ඔවුන්ට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟිය යුතු බව පැවසූ ඒ මහතා ආර්ථිකය සම්බන්ධයෙන්, වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අද ගන්නා තීන්දු හෙට වෙනස් කරනා තත්වයක් තුළ එවන් විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
ඒ අනුව මේ වනවිට චීනයෙන් ඉවත්ව යන ආයෝජකයින් ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට, ඉන්දුනීසියාවට යන නමුත් කිසිවෙකු ශ්‍රී ලංකාවට නොඑන්නේ එසේ සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් රජය සතුව නොමැති වීම නිසා බවටයි ඒ මහතා චෝදනා කළේ.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (06) ලුණුගම්වෙහෙර, අග්බෝපුර ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමිනි.
No comments: