මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට ගිවිසුමක්.. මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය ඒ අතර
පැවැති යහපාලන රජය විසින් මෙරට ආර්ථික මරමස්ථාන 12ක් ඉන්දියාවට විකිණීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය, ගල් අගුරු බලාගාර ඇතුළු ආර්ථික මරමස්ථාන 12 ඉන්දියාවට ලබා දීම සඳහා එම ගිවිසුමේ එකඟතාව පළ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.
No comments: