Header Ads

Breaking News
recent

ආණ්ඩුව හත්පොලේ ගාගනියි - ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ - ගත් ණය මුදලකුත් ගෙවන්න වෙයි - ඉන්දියාවෙන් දැනුන් දීමක් | Gopal Baglay


කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ වරාය සංවර්ධන කටයුතු ගැන එහිදි සාකච්ඡා කර ඇති බවයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා නොදීමට සහ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයන් සමග එක්ව කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

එම තීරණයෙන් පසු මෙම හදිසි හමුව පැවැත්වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්න ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා වාර්තා කරන බව ලංකා සී නිවුස් [ lanka c news] වෙබ් අඩවිය පවසයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.