ජනපති එන උත්සවයට අමාත්‍යාංශ ලේකම් යැවූ ආරාධනා පත්‍රයේ අවුලක්! හතර වටින් දුරකථන ඇමතුම් ඇවිත් !
උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝ මීටර් 28ක් දිග වාරි උමං මග ඉදිකිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමේ උත්සවයට සහභාගි වන ලෙස වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැති ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට යවා ඇති ආරාධනා පත්‍රයේ එම උත්සවය පැවැත්වෙන ස්ථානය සඳහන් නොකිරීම නිසා ඇරයුම් ලබා ඇති පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් ලබන 5 වැනිදා පෙරවරු 9.00ට ආරම්භ කරන මෙම ඉදිකිරීම ඇරඹීමේ උත්සවය පැවැත්වෙන ස්ථානය දැන ගැනීම සඳහා ඇරයුම් ලද මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විවිධ ස්ථානවලට දුරකථන ඇමතුම් ලබා දෙමින් විමසීම් කරමින් සිටින බව ආරංචි මාර්ග පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් රැසක් සහභාගි වන බවද අදාළ ඇරයුම් පතේ සඳහන් වේ.
No comments: