ලබන 12 දා තෙක් රංජන්ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වනදා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
සිය මන්ත්‍රී අසුන අහෝසි වීම වළක්වන අතුරු තහණම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා විසින් ගොණු කල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (05) කැඳවු අවස්ථාවේ අර්ජුන් ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි අදාළ නියෝගය ලබාදුන්නේ.
මේ අනුව රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන ලබන 12 වනදා දක්වා දැනට පවතින අයුරින් පවත්වාගෙන යා යුතු අතර එය පුරප්පාඩු වී ඇතැයි මැතිවරණ කොමිසමට දන්වා යැවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අවස්ථාව හිමිවන්නේ නැහැ.
පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 11 වනදා සිදුකිරීමට නියමිතයි.
No comments: